පළකල දිනය : Mon, May 8th, 2017

දුක්මහන්සියෙන් උපයපු ලක්ෂ 40න් ගමේ පන්සලට බුදු පිළිමයක් සෑදු තරුණයා

තමන් දුක්මහන්සියෙන් උපයාගත් මුදලින් රුපියල් ලක්ෂ 40 ක් වැය කර ගම්මානයේ විහාරස්ථානයට බලවත් අඩුපාඩුවක්ව තිබූ හිටිපිළිමයක් සාදා සාසනයට පූජා කල අපූරු තරුණයෙකු ලෙස බොරලන්ද ගම්බැද්ද ගම්මානයේ පදිංචි සංජය ශ‍්‍රීනාත් මහතා හැදින්විය හැකිය.

මීගමුව ප‍්‍රදේශයේ ඉපිද පසුව බොරලන්ද ගම්බැද්ද ගම්මානයට විවාහ වී පදිංචියට ආ ඒ මහතා පසුව විදේශ රැකියාවක නිරතව ලංකාවට පැමින ඉතා දුක්මහන්සියෙන් උපයා ගත් මිල මුදල් යොදවා මෙම අලංකාරවත් පිළිමය නිර්මාණය කර තිබේ.

ගම්බැද්ද ශ‍්‍රී ජනානන්දාරාම විහාරස්ථානයේ ඉදිකල මෙම පිළිම වහන්සේ ඉදිකිරීම සදහා ඔහුට උපදෙස් හා අනුශාසනා ලබා දෙන ලද්දේ විහාරාධිපති උණගොල්ලේ ජනානන්ද හිමියන් ය. අව්කන බුද්ධ ප‍්‍රතිමාවේ අනුරුවක් තම ගම්මානයේ විහාරස්ථානයේ නිර්මාණය කල සංජය එම පිළිමයේ උසින් අඞ් 26 ක් පමණ වන ලෙස ඉතා අලංකාරව ඉදි කලේය.

නව පිළිමය පසු ගිය දිනෙක විවෘත්ත කිරීමේ අවස්ථාවට උඩරට අමරපුර නිකායේ මහා නායක නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය , ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු , ඌව මහා අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ සංජය ශ‍්‍රිනාත් මහතා ප‍්‍රකාශ කර සිටියේ තමන්ගේ වියදමින් ඉදිකල මෙම පිළිමයට බැති මතුන් වන්දනාමාන කරන අයුරු දකින විට තමන් නිහතමානි සතුටක් ලබන බවය. අද සමාජයේ තරුණ තරුනියන් බොහෝ මුදල් නිකරුනේ වැඩකට නැති දේ සදහා වියදම් කරන බවත් එවන් දේ නොකර මෙවැන් ආගමික සාසනික දේවල් සදහා සිත යොමු කරන්නේ නම් එය බොහෝ වටිනා බවයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button