පළකල දිනය : Tue, May 9th, 2017

රිතූ මියුසික් විඩියෝ වලින් ඈත් වෙලා කියන කතාව (photos)

රංගන ශිල්පිණියක් ලෙස වගේම නිවේදිකාවක ලෙසද ප්‍රසිද්ධියක් උසුලන රිතු.මින් ඉදිරියට මියුසික් වීඩියෝ වලට පෙනී ඉන්නේ නැහැ කියලා කියනවා.රිතූ මේ බව කියලා තිබුණේ සති අන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින්.

වෙසක් එකට ලොකුවට ලෑස්ති වෙනවා කියලා ආරංචියි

හ්ම්. ලොකුවට ලෑස්ති වෙනවා.ඒත් මේ පාර නම් වෙසක් කුඩු හදන්න වුණේ නැහැ. නමුත් අපි ගෙදර වටේටම පහන් පත්තු කරනවා. විශේෂම දේ තමා මම ආගමට ගොඩක් ලැදියි. ඒ නිසාම වෙසක් මාසය පුරාම මම නිර්මාංශිකයි.

මේ දිනවල අලුත්ම කලා වැඩකටයුතු මොනවද රිතු ?

ලබන සතියේ වගේ මගේ අලුත්ම ටෙලි නාට්‍යය විකාශය වෙන්න තියෙනවා. ඒ නාට්‍යයත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා.

දැනට ටෙලි නාට්‍ය කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවද?

ටෙලි නාට්‍ය 10 ක් වගේ. ඒ හරහා ඔබට චරිත 10 ක් කරන්න ලැබෙන්න ඇති.

ඒ අතරින් වඩාත් කැමැතිම රංගනය කුමක්ද ?

‘කාසි වත්ත’ ටෙලි නාට්‍යයේ රංගනයට මම ගොඩක් කැමැතියි සහ ඒ චරිතය හරහා මම ජනප්‍රිය නිළිය සඳහා නිර්දේශ වුණා. නමුත් මාව ප්‍රේක්ෂකයන් වැඩිපුර වැළඳ ගත්තේ ‘වරුණි’ කියන චරිතයට. ඒ උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ. අදටත් ගොඩක් අය මට කතා කරන්නේ ‘වරුණි’ කියලා.

රිතූ මියුසික් විඩියෝ වලින් ඈත් වෙලා කියන කතාව ඇත්තද?

මියුසික් විඩියෝ වල ඉන්න එක මම නතර කළා. හොඳ නිර්මාණයකට සහභාගී වෙනවා විතරයි.

ඒකට හේතුව?

මම මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් කරන නිසා, මම හිතුවා මියුසික් විඩියෝ කරන එක අඩු කරන්න.මට බයක් තියෙනවා මගේ ලෙවෙල් එක බහීවි කියලා. ඒකට හේතුව කිව්වොත්, එක දිගට මියුසික් විඩියෝ තුළින් දකිනකොට අගයක් නැති වෙනවා. මට ඕන හැම වෙලාවෙම කලා ක්ෂේත්‍රයේ හොඳ රංගන ශිල්පිනියක් වෙන්න. ඒ නිසා වැඩ කරද්දී තෝරා බේරාගෙන තමා කරන්නේ.

රංගන ශිල්පීන්, නිවේදන වෘත්තියට එන එක ඔබ දකින්නේ කොහොමද?

මම කියන්නේ, කෙනෙක් වෙන ක්ෂේත්‍රයක ඉඳන් තවත් ක්ෂේත්‍රයකට ආවත්, ඒ එන්නේ තමුන්ගේ හැකියාවෙන්. තමන්ගේ හැකියාව හඳුන ගන්න කාලයක් යනවා. මම රංගන ක්ෂේත්‍රයට ආවට පස්සේ තමා නිවේදනයට ආවේ. ඒ දෙරණින් ලැබුණු ආරාධනය නිසා. ඒ ආරාධනයෙන් පස්සේ තමා දැනගත්තේ මට නිවේදනය කරන්න හැකියාව තියෙනවා කියලා. තමන්ගේ රාජකාරිය වගේම තමන් කරන දේ හරියට කරනවා නම් මම හිතනවා ඒක හොඳ දෙයක් කියලා.

ඔබට දැනෙනවද , නිවේදනයෙන් ඔබ සාර්ථකයි කියලා?

මම මගේ උපරිමය බලාපොරොත්තු වෙන කෙනෙක්. මම දෙයක් කර අවසන් වුණාට පස්සේ මම ඒක හොඳට කළා කියලා මම හිතන්නේ නැහැ. ඒ දේ මදි කියලා මට හැම වෙලාවෙම හිතෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button