පළකල දිනය : Thu, May 18th, 2017

බුකිය කැළඹූ සරාගීම නීතිඥවරිය ප්‍රධාන පක්ෂයකින් දේශපාලනයට එනවාලු

මෙලීසා ලීච් බිකිණි ඇඳගත් සරාගී නීතිවේදිනිය පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු අතර කතා බහට ලක්වූ කාන්තාවක්.

දිණමින පුවත්පත වෙනුවෙන් දක්ෂ ජනමාධ්‍යවේදිනියක් වන අරුණි කලුපහන විසින් මෙලීසා සමඟ කල සම්මුඛ සාකච්ජාවක් අද දිණමින පුවත්පතේ පළකර තිබෙනවා.

එහිදී අරුණි කලුපහන විසින් දේශපාලනයට සම්බන්ධවීමට අදහසක් ඇතිදැයි යනුවෙන් මෙලීසාගෙන් ඇසූ ප්‍රශ්ණයට ඇය ලබාදුන් පිළිතුර මෙසේය.

“මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම දේශපාලනයට ආසයි. අපි දෙයක් කරනව නම් මේ ලෝකේ වෙනසක් කරන්න ඕන නම් අපි අපිට ස්ථාවරයක් හදාගන්න ඕන. එතකොට තමා කවුරු වුනත් අපිට ඇහුම්කන් දෙන්නේ. ඉතින් මම දවසක දේශපාලනයට එන්නත් ඉඩ තියෙනවා. තව අවුරුදු 5,6ක් ගියාම මට ඒ දේ කරන්න පුලුවන් වෙයි”

ඇය පවසන කාල වකවානු අනුව බොහෝ විට ඒ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණ සමය වන අතර සමහර විටෙක ඇය අපට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරියක් ලෙස දැක ගැනීමට හැකිවනු ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button