පළකල දිනය : Thu, May 18th, 2017

අභිමානවත් දේශයක් වෙනුවෙන් L.T.T.E ගෑස් ප්‍රහාර හමුවේ දිවිපිදූ රණශූරයෙක්

“වහාම unit එක අරගෙන withdraw වෙන්න, ඕක අත ඇරල දාල පැන ගන්න.” එලෙස ඉහලින් නියෝගය ලැබුනේ මේජර් ධනංජන ඇතුලු බල ඇණිය දරුණු L.T.T.E ගෑස් ප්‍රහාරයකට හසුවී තිබුණු නිසාය.මේක මෙහෙම අත ඇරල දාල පස්සට එන්න බැහැ සර්, මගෙ කොල්ලො ගොඩක් නැති වුණා. ඒ ගොල්ලො වෙනුවෙන් මං මේක ඉවර කරලම එන්නම්”.

ශ්‍රී ලාංකීය යුධ ඉතිහාසයේ වීරයන් අතර තවත් විරුවෙකුගේ යුධ බිමේ හඬයි ඒ…

ලුතිනන් වරයෙකු ලෙස හමුදාවට එක්වූ ධනංජන පෙරේරා විරුවන් අන් අය අතර කැපී පෙනෙන විරුවෙකුද වූහ. 2007 අප්‍රේල් මාසයේදී ඔහු දරුණු ලෙස තුවාල ලැබීය නමුත් ඔහුට උවමනා වූයේ කෙසේ හෝ යලි යුධ බිමට ඒමටයි තත්වය මදක් සුව වූ ක්ෂණික ඔහු නැවත යුධ බිමට එකතුවූයේ ආදරණීය දේශයට ඇති සැබෑම ආදරය සැමටම පෙන්වමිනි.

නැවතත් ඉතා අවාසනා වන්ත ලෙස 2008 දෙසැම්බර් මාසයේදී ඔහු නැවත ධරුනු ප්‍රහාරයකින් තුවාල ලැබීය.ඔහුට නිවාඩුගන්නා ලෙස ඉහල නිලධාරීන්ගෙන් තරයේ උපදෙස් ලැබුණද තම සටන මග නැවතීමට තරම් සිතක් ඔහුට නොවීය කිලිනොච්චියෙ කොඩිය දාලම මම නිවාඩු යන්නම් සර්”

ඉහල නිලධාරීන් කියූ අන්දමට “ධනංජනට ඕන හැටිය යුද්දෙ ඉවර වෙනකන් නිවාඩු ගන්න තිබුණ එත් එයාට ඕන වුණේ නියම වීරයෙක් විදියට රටේ නිදහස රකින්න. ධනංජය ඇත්තටම තමන්ට වඩා රටට ආදරේ කරපු කොල්ලෙක් එයාට ඕන වුනේ මේ යුද්ධෙ ඉක්මනට ඉවර කරන්න” .

දේශය වෙනුවෙන් ලේ දහදිය හෙලන්නට යුධ බිමේ ජීවිතයත් මරණයත් අතර තම තරුණ ජීවිතය කැප කල ආදරණීය රණවිරුවා විවාහයට දින කිහිපයක් තිබියදී අප අතරින් සදහටම සමුගත්හ.

මේ අභීත රණශූරයානන් “දේශ පුත්‍ර” “උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම” “පූර්ණ භූමී” යන ඇගයීම් ලබා තිබූ අතර”වීර වික්‍රම විභුෂණ” “රණ වික්‍රම පදක්කම” හා “රණ ශූර පදක්කම” යන පදක්කම්ද නිර්දේශ වී තිබුණි.

ඒකීය දේශයක් වෙනුවෙන් තම ජීවිතය අප වෙනුවෙන් කැප කල ඔබට අප කෙසේ උත්තමාචාරය පුද කරම්ද මාගේ ආදරණීය විරුවනි.ඔබ වැනි පුන් සඳක් එලිය දෙනවා නිසැකයි මේ ලක්දෙරනට අප වැනි නොදිලෙන තරු රැසක් අතර.

ආදරණීය විරුවානනි ඔබ අප වෙනුවෙන් කල කැපකිරීම අප කිසිදා අමතක නොකරන්නෙමු. මාගේ දේශයේ සැබෑ අයිතිකරුවානන් නුඹයි..!!!

වසරේ එක් දිනයකට පමණක් සීමා වී ඇති මාගේ රණ විරුව්න්ගේ අතීත මතකය වසරේ දින 365 දිම සමරන්නට දරන පුංචි උත්සාහයකි මේ..!

මිතුරන් අතරේ SHARE කරන්න….

  • 4.9K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button