පළකල දිනය : Sat, May 27th, 2017

නාය යෑමෙන් පස් කන්දට යට වූ අම්මයි චුටි දෝණියි

පස් කදු මාරයා බිළිගත් අම්මයි චුටි දෝණියි හැමෝම හඩවමින් අවසන් ගමන් ගිය හැටි!

රට පුර පවතින ගංවතුර හා නාය යෑම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. මිට අමතරව තවත් 100කට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇත.

පසුගිය දින දෙකේ විවිධ ප්‍රදේශවලින් අසන්නට ලැබුණේ අතිශය සංවේදී පුවත්ය. නාය ගිය කඳුවලට යටවී පවුල් පිටින් මියගිය පුවත් අසන්නට ලැබුණා.

ඒ අතරින් ඇහැළියගොඩ ප්‍රදේශයේ නායයැම් හා නිවාස කඩාවැටීම් හේතුවෙන් ජීවිත 21 අහිමි වුනේ තවත් පස් දෙනෙකු අතුරුදහන් කරමින්.

ඇහැළියගොඩ සිදු වූ නාය යාම් හේතුවෙන් මවක් හා පුංචි දරුවෙක් ද මියගොස් තිබෙනවා.

පරීක්ෂණ කටයුතුවලින් පසු එකම පෙට්ටියක බහා ඔවුන් දෙදෙනා අවසන් ගෞරව දැක්වීමට ගෙනැවිත් ඇත.

ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු තැම්පත් කර තිබුනේ මේ ආකාරයෙනි. එම දර්ශනය දුටු කාගේත් නෙතට කඳුලක් ඉනූ බවයි පැවසෙන්නේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button