පළකල දිනය : Sun, May 28th, 2017

බෙහෙත් බේරාගන්න ජීවිතය නොසලකා ගංවතුරේ රෝහලට ගිය වෛද්‍යවරයා

ළමුන්ට ලබා දෙන බෙහෙත් ගං වතුරෙන් බේරා ගැනීම සඳහා ගං වතුරේම තම කාර්යාලයට ගිය වෛද්‍යවරයෙකු පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවිවල ඡායාරූපයක් පළ වනවා.

කඹුරැපිටිය ප්‍රදේශයේ සේවය කරන වෛද්‍ය ප්‍රසාද් කොඩිතුවක්කු මෙලෙස තම ජීවිතය පසෙක ලා අහිංසක දරුවන්ගේ ජිවිත සහ රජයේ ලක්ෂ ගණනක බෙහෙත් පිළිබඳව සිතා මෙම කාර්යයේ නිරතවූ වෛද්‍යවරයායි.

ඔහු පිළිබඳව තබා ඇති ෆේස්බුක් සටහනක් පහතින්..

මගේ බැචෙක් ගංවතුරෙ බැහැගෙන ඉන්න ෆොටෝ එකක් දැකල මම කෝල් කලා

මම- “වතුරෙ බැහැගෙන මාලු අල්ලනව ද?”

බැචා – ” නෑ මචං වතුර හොඳටම වැඩියි මම office එකට ගියා ලමයින්ට විදින්න ගෙනාපු ලක්ෂ ගාණක ඉන්ජෙක්ෂන් එහෙ ෆ්‍රිජ් එකේ තියනවා වතුරට අහු උනොත් හරි ෆ්‍රිජ් එකේ කරන්ට් ගියොත් හරි බෙහෙත් ඔක්කොම ඉවරයි

එහෙම උනොත් පලාතෙම ලමයින්ට විදින්න බෙහෙත් නැති වෙනවා. අමාරැවෙන් හරි ගියපු නිසා යන්තං ඒ ටික බේරගත්තා.

Office එක කඹුරැපිටිය MOH office එක…

මේ ඉන්නෙ කඹුරැපිටියෙ MOH වෛද්‍ය ප්‍රසාද් කොඩිතුවක්කු…

ජීවිත අවධානමත් නොතකා ගංවතුරෙ බැහැල මේ යන්නෙ ප්‍රයිවට් ඩිස්පැන්සරියට නෙවි. තමන්ගෙ පණ බේරගන්නත් නෙවි. තමන්ගෙ. දේපල බේරගන්නත් නෙවි. පලාතෙම දරැවන්ට දෙන්න තියන ආණ්ඩුවෙ බෙහෙත් ටික කොහොමහරි විනාශ නොවී බේර ගන්න.

අපේ මිනිස්සුන්ගෙ වරිගීකරණයට අනුව මේ ඉන්නෙ “කුහක” කියන සත්ව වර්ගයට අයිති තවත් එක සත්වයෙක්.

මේක මහා වීර ක්‍රියාවක් නෙවි ගංවතුරෙන් පීඩාවට පත්වුන අය වෙනුවෙන මිනිස්සු කරන දේවල් එක්ක ගත්තම මේක බොහොම සුඵ දෙයක් වෙන්න පුඵවන් ඒත් රටේ සමහරැන් හිතන විදියට රටේ ආත්මාර්ථකාමීම කුහකම සත්ව කොට්ඨාශයෙ සැබෑ විඤ්ඤාණය ක්‍රියාකරන විදිය එලියට ආපු එක සරල අවස්ථාවක්.

එහෙම එකෙක් බැචෙක් වීමත් ආඩම්බරයක්….

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button