පළකල දිනය : Mon, May 29th, 2017

යතුරුපැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ මේලොව්න් සමුගනී.

සුපිරි යතුරුපැදි ධාවන ශුරයෙකු වූ ආනන්ද වෙඩිසිංහ පසුගිය අප්‍රේල් මස 24 වනදා නුවරඑළියේ පැවති මාර්ග ධාවන තරඟයේදී හදිසි අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඔහු පුරා මාසයකට අධික කාලයක් කෝමා තත්වයෙන් මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ අතර අවාසනාවන්න ලෙසින් අද (29) දහවල් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වුණා.

නුවරඑළියේදී සිදුවූ අනතුරෙන් වෙඩිසිංහගේ කොන්ද ප්‍රදේශයට හානි සිදුව තිබූ අතර ඔහුගේ එක් පාදයක් බිඳි ගොස් ඇති බවත් වෛද්‍යවරුවන් පැවසුවා.

මෙම අනතුර සිදුවන්නේ ඔහු විසින් තවත් ක්‍රීඩකයෙකු සමඟින් තරඟයේ අවසන් වටයේදී කරටකර තරඟයක සිටින අවස්ථාවක වන අතර ඔවුන් දෙදෙනාම පැදවූ යතුරු පැදි මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ මාර ගසක කොටයක වැදී තිබුණා.

එලෙස බරපතල තුවාල ලැබූ යතුරුපැදි ධාවනශූර ආනන්ද වෙඩිසිංහ මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලැබුවත් ඔහුට පියවි සිහිය ලබා ගැනීමටනම් ජපානයේ රෝහලක විශේෂ ප්‍රතිකාරයක් සිදුකළ යුතු බව වෛද්‍යවරුන් පවසා තිබුණා. ඒ සඳහා අවශ්‍ය මුදල්ද සූදානම් කරන අතරතුරු ඔහු මෙලෙසින් අවාසනාවන්ත ලෙස අප අතරින් වෙන්ව ගිය අතර යතුරුපැදිවලට ඇල්මක් දක්වන බොහෝ පිරිසක් අතර ආනන්ද වෙඩිසිංහ ප්‍රසිද්ධියට පත්ව සිටියා.

එමෙන්ම ඔහු ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින හොඳම යතුරුපැදි ධාවන ශූරයා ලෙසින්ද අවස්ථා ගණනාවකදීම සම්මානයට පාත්‍ර වුණා. ලක්මෑණියන් රනින් සරසමින් ලාංකීය නාමය ලොවට ගෙනයන්නට මහඟු මෙහෙවරක් කළ ශූරයාණෙනි. ඔබට අප නිවන් සුව පතමු..

ආනන්ද වෙඩිසිංහ අනතුරට පත්වූ අවස්ථාව

වෙඩිසිංහ දැඩිසත්කාර ඒකකයේ සිටි අයුරු

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button