පළකල දිනය : Mon, May 29th, 2017

කඩා වැටුණු හෙළිකොප්ටරය ගැන බුකිය කළඹපු සංවේදී සටනහන

අද උදෑසන හදිසි අනතුරකට ලක්ව කඩා වැටුණු ගුවන් හමුදා හෙලිකොප්ටරයේ ගමන්ගත් පිරිස සම්බන්ධයෙන් මීට දින දෙකකට පෙර එහි ගමන් කළ අයෙකු ෆේස්බුක් ගිණුමේ සඳහනක් කර තිබෙනවා.

මේ එම ෆේස්බුක් සටහනයි..

අද උදේ අනතුරට ලක්වෙලා තියෙන්නේ අපි පහුගිය දවස් දෙකේම ගිය MI17 ගුවන් යානයයි.

ගුවන් යානයේ හිටිය අය ඇමතුවාම
“මල්ලි , ඔයයි Dinesh Kaluarachchiයි විතරයි අද අඩු වුණේ ” කිව්වා

හිතට දරාගන්න බැරි තරම් දුකයි. අපිත් එක්ක දවස් 2ක් හිටිය අපේම සහෝදරයින්ට මෙහෙම කරදරයක් වුණාම. ඊයෙත් නිවාඩු දවසෙ ඔවුන් එක්ක ගියෙ. අද නිවාඩු නිසයි ඔයාලත් එක්ක එන්න බැරි වුණේ .

ඔයාලා හැමෝම බුදු සරණින් දෙවි පිහිටෙන් බේරුණ එක ගැන සතුටුයි. ඔයාලා පහු ගිය අවුරුදු 30 මේ රටේ මිනිස්සු බේරගෙන රටේ සියලු ව්‍යසන වලදී මෙහෙයුම් කරන පිනෙන්ම බුදු සරණින් දෙවි පිහිටෙන් ඔයාලට කිසි කරදර‍යක් වෙන්නෙ නෑ.

ඒ වගේම සියලු ආරක්ෂක අංශ සාමාජිකයින්ට ආපදා සහන සේවකයින්ට සියලු ජනතාවට අපේ රටට කිසිදු කරදරයක් නොම වේවා. කියාගන්න වචන මදි
අඩන්න කදුලු මදි

(මේ ෆොටෝ වල ඉන්න හැමෝම අනතුරට මූණ දුන්නා මායි දිනේශ් අයියයි හැර)

  • 4.2K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button