පළකල දිනය : Tue, May 30th, 2017

පාලිත තෙවරප්පෙරුම දේශපාලන ජිවිතයට සමුදෙන්න සුදානම් !

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුමන්ත්‍රී, සංස්කෘතික කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පපෙරුම දේශපාලනයෙන් සමුගන්නා බව පවසනවා. පෞද්ගලික එෆ්.එම් නාලිකාවක් සමග දුරකතනයෙන් කළ කතා බහකදී ඔහු මේ බව පැවසුවා.

එම තීරණය තමා ගනු ලැබූවේ මෙම ආපදා තත්ත්වයට පෙර බවයි එහිදි ඔහු කියා සිටියේ. දේශපාලඥයකු ලෙස සමාජ සේවා කටයුකතු වල යෙදීමේදී ඇතැම් විට සිදුවන සිදුවීම් ඊට හේතුව බවයි ඔහු පවසන්නේ. තමාට දැන් දේශපාලනය කළා හොඳටම ඇති බවත් සමාජ සේවයේ දිගින් දිගටම නිරතවන බවත් අමාත්‍යවරයා එහිදී පැවසුවා.

මේ වනවිට ඇතිව තිබෙන ආපදා අවස්ථාවේදී අමාත්‍යවරයා කැපී පෙනෙන ප්‍රායෝගික වැඩ කොටසක් ඉටු කළ අයෙකු ලෙස ජනතා ප්‍ර‍සංශාවටද ලක්වනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button