පළකල දිනය : Thu, Jun 1st, 2017

ශ‍්‍රී ලාංකිකයෙක් ගුවන් යානයක් පැහැර ගන්න හදයි..!

තමන් සතුව බෝම්බයක් ඇතැයි පවසමින් ගුවන් යානයක නියමු මැදිරියට ඇතුළු වීමට උත්සාහ දැරූ ශ‍්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර සිට මැලේසියාව දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදීයි.

එහි ගමන් මග අඩාල කිරීමටයි මෙම ශ‍්‍රි ලාංකිකයා උත්සහ කර ඇත්තේ.

මේ හේතුවෙන් අදාළ ගුවන් යානය මෙල්බර්න් ගුවන් තොටුපල වෙත ආපසු හරවා යැවීමටද බලධාරින් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මෙම පුද්ගලයා බීමතින් සිටි බවද අනාවරණය වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

ශ්‍රී ලාංකික මගියා ගුවන් යානය ආපසු හරවයිඔස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා පියාසරකරමින් තිබූ සිය ගුවන්යානයේ ගමන අඩාල කරන ලද්දේ ශ්‍රී ලාංකික මගියෙකු විසින් බව මැලේසියානු බලධාරීහු පවසති.මෙල්බර්න් ගුවන්තොටුපළින් ගුවන්ගත වූ මෙම යානය ක්වාලාලම්පුර් නුවර බලා විනාඩි තිහක් පමණ පියාසර කිරීමෙන් අනතුරුව එය ආපසු හරවා නැවත මෙල්බර්න් ගුවන්තොටුපළට පැමිණ තිබේ.තමන් අත බෝම්බයක් ඇති බව පවසමින් එහි සිටි ශ්‍රී ලාංකික මගියා බලහත්කාරයෙන් නියමු මැදිරියට ඇතුළුවීමට උත්සාහ දරා තිබේ.මැලේසියාවේ ප්‍රවාහන කටයුතු භාර නියෝජ්‍ය ඇමති අබ්දුල් අසිස් බින් කප්රාවී කියා සිටියේ මෙම මගියා බීමත්ව සිටි බවක් පෙනෙන්නට ඇති බවය

Posted by News Album on Wednesday, May 31, 2017

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button