පළකල දිනය : Fri, Jun 2nd, 2017

බස් එකත් හරවන් ඇවිත් හැඩු මවකගේ කඳුළු නැති කර දැමූ බස් රථයේ මනුස්සකම

රුපියල දෙක පස්සේ දුවන බස් රථ ගැන ඔබ අහලා දැකලා ඇති. ඔවුන්ගේ තරඟකාරීත්වය නිසා සමහර අවස්ථාවලදි මිනිස්සුන්ගේ ජීවිත පවා නැති වෙලා තියෙනවා. හැබැයි ඔය අතරේ අපිට වෙනස්ම විදියේ කතාවක් අහන්න ලැබුණා.

ඒ අනුරාධපුර බලා යන ලංගම බස් රථයක රියදුරෙක් කොන්දොස්තරත් එක්ක එකතුවෙලා කරපු උතුම් ක්‍රියාවක් නිසා. මේ ගැන විස්තරේ හැමෝටම කියලා තිබුනේ විජිත් සිං කියලා කෙනෙක්. ඒ කතාව මෙහෙමයි….

රාජකාරී කටයුත්තකට ඊයේ (01/06/2017) කොළඹ ගිහිල්ලා මිරිස්වත්තෙන් බහින්න අනුරාධපුරේ යන බස් එකක මම එනවා, එතකොට වෙලාව 1.40 විතර ඇති. පුංචි පැටියෙක් එක්ක අම්මෙක් නැග්ගා බැලුම්මහරින් අනුරාධපුරේ යන්න. මම මිරිස්වත්තෙන් බැහැලා බලනකොට අම්මයි පැටියයි මිරිස්වත්තෙන් බැහැලා. අනුරාධපුරේ යන්න ආපු අය ඇයි මිරිස්වත්තෙන් බැස්සේ කියලා බලනකොටයි දැක්කේ ඒ අම්මා අඩනවා. මම ඇහුවම ඇයි කියලා අම්මා කියනවා අනුරාධපුරේ යන්න නැග්ගත් මගේ පර්ස් එක වැටිලා ටිකට් ගන්න සල්ලි නැති හින්දා මෙතනින් බැස්සා කියලා. ඔය ටික වෙන්න විනාඩි දෙක තුනක් ගියා.

එතකොටම මම මහ පුදුම දෙයක් දැක්කා, අනුරාධපුරේ යන්න ගිය බස් එක ආපසු හරවලා ආවා. කොන්දොස්තර මල්ලි දුවගෙන ඇවිත් කිව්වා ඔයාගේ පර්ස් එක බස්එකේ වැටිලා තිබ්බා එන්න අනුරාධපුරේ යන්න කියලා. ඒ අම්මයි පැටියයි බස් එකට නැග්ගා.

ලංගම එකෙක් හැටියට මට හරිම ආඩම්බරයක් දැණුනා. රුපියල් ශත මත්තෙම නැහෙන උන් අතරේ කොන්දොස්තර මල්ලියේ ඩ්‍ර‍යිවර් මල්ලියේ උඹලා මතු මතුත් වාසනාවන්. ඒ වගේම විනාඩියක පහුවීමකට මොරදෙන මිනිස්සු අතරේ බස් එක ආපහු හරවාගෙන එනවට මොකුත් නොකී සෑමදෙනාටත් මම ආචාර කරනවා. මේ බස් එක අයිති ජා ඇල ඩිපෝවට බස් රථයේ අංකය NC – 1214

මුලාශ්‍රය – citizen.lk

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button