පළකල දිනය : Sun, Jun 4th, 2017

උපාධිය අරන් සතියකින් දුම්රියට පැන දිවි පිදූ ගෝමරී

අවාසනාවන්ත සියදිවි නසාගැනීමේ සිදුවීමක් ඊයේ එනම් ජුනි මස තුන් වනදින පේරාදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. උපාධිධාරිණියක් වුණු තරුණියක් ඇයගේ ජීවිතේ නැතිකරගෙන තිබ්බේ බදුල්ල – කොළඹ දුම්රියට හිස තියලා. ඇය නමින් තරිනි විජේසිරිවර්ධන. කැම්පස් එකේ යාළුවෝ කීවේ ”ගෝමරී” කියලා.

පසුගිය සතියේ එනම් 5/25 දින ඇය තමන්ගේ උපාධිය ලබාගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනි. ඒ දෙස බලා ඇයගේ මව් පියන් සතුටු කඳුළු හෙළුවේ තමන් උස්මහත් කළ දරුවා අවසානයේ ලොකු තැනකට යන්නට ඉගෙනගෙන සිටින අයුරු දැකීමට ඔවුන් පිං කර ඇති නිසාවෙනි.

නමුත් ඒ සතුටු කඳුළුම දුකට හරවන්නට ඇයට ගියේ දින 7ක් පමණි. ඉපදුණු දා ලැබුණු සෙනෙහසට වඩා අතරමඟදී තවකෙකුගෙන් ලැබූ ආදරය ඇයට දරාගන්නට නොහැකි වන්නට ඇත. එය අහිමිවන හැටි බලා ඉන්නට නොහැකි වන්නට ඇත.

ඒ මේ අත ගිය සිතුවිලි අවසානයේ ඇයව නතර කලේ පේරාදෙණිය දුම්රියපල අසල පාලමක් මතය. ඒ මතින් ආ යකඩ යකාට ඇය දිවිය පූජා කරන්නේ නොලැබෙන පෙමකට හඬා වැලපී දරාගත නොහැකි වූ වේදාවෙන් වන්නට ඇත.

ඒත් නැගණියේ, ආදරණීය මව පියා ගැන මොහොතකට හෝ සිතුවේනම්, ඔවුන් ඔබ නැති ලොව කෙසේ ජීවත් වන්නේ දැයි දැණුනේ නම් ඔබගේ ජීවිතය අදටත් ඉතිරිවන්නට තිබුණි.

ඇය ගැන ෆේස්බුක් වෙබ් අඩවියේ කුමාර නමැත්තෙකුගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබූ සංවේදී සටහනක් පහතින් දැක්වේ.

කාඩ් එක ගෝමරී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ. මෙවර උපාධි සම්පූර්ණ කලේ. ඇත්තෙන්ම දුකයි. ඇයගේ ඉරණම ගැන. ඒ වගේම තරහයි. ⁣ජීවිතේට මූණ දෙන්න තරම් ආත්ම ශක්තියක් නොමැතිවීම ගැන. මේවා සමාජයට ඉතා බිහිසුණු ආදර්ශ. මෙවන් දේ නොවන්නට, අධ්‍යාපන ක්‍රමය පොතට පමණක් සීමා නොකොට සාරධර්ම සමග ක්‍රමයෙන් මුසු කළ යුතුයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨහේ ඉගෙනුම ලැබ 2017.05.25 (ගිය සතියේ) වන දින උපාධි උත්සවයේ උපාධිය රැගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම විද්‍යා පීටයේ demonstrator ලෙස සේවය කර ඇති ඇය නමින් ගෝමරී (Card) ලෙස මිතුරන් අතර කෙළිලොල් විය. ඒත් ක්ෂණිකව ගත් වරදි තීරණයක් නිසා ඇය මෙසේ දිවී තොරකරගත්තේ කොළඹ බදුල්ල යකඩ යකාට බිලි වෙමිනි. තම පෙමිවතා තවත් මාසයකින් දෙකකින් තවත් තුරුලක උණුසුම සොයා ගනී. ඒත් නැගෙණිය උඹ වැදූ අමිමා තාත්තා සහෝදරයෝ තාමත් උබේ උපාධි ජායාරෑපය තුරැලු කරන් මිනිය ගේනකම් ගෙදර බලන් ඇති…

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button