පළකල දිනය : Thu, Jun 8th, 2017

ප්‍රින්ස්ගේ අවසන් කටයුතු ඇල්පිටියේදී

අභාවප‍්‍රාප්ත ගායන ශිල්පී ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත මහතාගේ අවසන් කටයුතු එළඹෙන ඉරිදා (11) දා ඇල්පිටියේදී සිදු කෙරෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අභාවප‍්‍රාප්ත වුණේ අද පස්වරුවේයි. මිය යන විට ඔහු 47 වන වියේ පසුවුණා.

කොළඹ මල් ශාලාවක තැන්පත් කර ඇති ඒ මහතාගේ දේහය අද රාත‍්‍රීයේ ඔහුගේ ඇල්පිටියේ පිහිටි නිවස වෙත ගෙන යාමට නියමිතයි. සුදු මල් පොකුරක්, වෙරළ කොනක හිඳ, ජනප‍්‍රිය ගීත රැසක් දායාද කළ ඔහු ගීත ඇල්බම රැසක් ද රසිකයින් වෙනුවෙන් තිළිණ කළා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button