පළකල දිනය : Fri, Jun 9th, 2017

වෙඩින් එකට එන්න කියලා මුහුණු පොතට පණිවුඩයක් දැමූ තරුණිය අවසන් ගමන් යයි.

දුවගේ විවාහ උත්සවය තියන්න තිබුණේ මේ මාසයේ (ජූනි) දාහතර වැනිදා විවාහ උත්සවයට අවශ්‍ය සියලුම දේ සූදානම් කරලා තිබුණේ. එසේ තිබියදී දුව හා බිරිද නායට යට වෙලා අප සියලු දෙනා හැර දමා ගිය කරදන, දම්මුල්ල ප්‍රදේශයේ පදිංචි එච්. ආර්. සමරවීර (පියා) පවසයි.

කරදන, දම්මුල්ල ප්‍රදේශයේ සිදු වූ නාය යාමක් හේතුවෙන් එකම පවුලේ (මව) එම්. ආර්. පියසීලි, (දියණිය) එච්. ආර්. බී. සංධ්‍යානි යන අය මීය ගොස් ඇත.

මේ පිළිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පදිංචි කේ.එල්. බුද්ධදාස මහතා.

“නාය ගිය දින පැවැති අධික වර්ෂාව නිසා පහත් බිම යට වී තිබුණා. මම අළුයම අවදි වී වතුරෙන් යටවූ නිවාස පිළිබද සොයා බලමින් සිටියදී පියසීලි අක්කලාගේ නිවස පිහිටි කන්ද එකපාරටම පහතට කඩාගෙන එනවා දැක්කා. ඒ එක්කම නිවස සුදු පාටට පහලට කඩාගෙන ආවා. පසුව ප්‍රදේශවාසීන් සමග නායට යට වුණු දෙදෙනා සොයන්න පටන් ගත්තා.

උදෑසන 06.45ට පමණ වන විට දුවගේ සිරුර සොයා ගනු ලැබූ අතර උදෑසන 10.00ට පමණ වන විට මවගේ සිරුර හොයාගත්තා. නාය යන අවස්ථාවේ එම දෙදෙනා පමණයි නිවසේ ඉදලා තියෙන්නේ.

නායයාමට පෙර, නාය යාමේ කිසිම ලක්ෂණයක් මෙම ප්‍රදේශයෙන් මතුවෙලා තිබුණේ නැහැ. විශාල දිය බුබුලක් මතු වෙලා තිබුණා. ඒකත් දින දෙකකට පසුව හිදිලා ගියා. නාය යාමට පෙර දුව මුහුණු පොතේ සදහන් කරලා තියෙනවා “යාළුවනේ, කොච්චර වැස්සත් මගේ වෙඩින් එකට එන්න” කියලා. මෙවැනි දෙයක් හතුරකුටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.”

මුලාශ්‍රය – සියදෙස

  • 5.1K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button