පළකල දිනය : Sat, Jun 10th, 2017

විරෝධය නිසා චෙන්නායි කාන්තාව බුදුරුව සහිත ගවුම ගලවා විසි කරයි

ත්‍රිකුණාමලය උණුවතුර ළිං නැරඹීමට පැමිණි ඉන්දියානු චෙන්නායි සංචාරකයන් කණ්‌ඩායමක කාන්තාවක්‌ බුදු හිමියන්ගේ රූපය සහිත ගවුමකින් සැරසී පොසොන් පෝය දින පැමිණීමට විරෝධය දක්‌වා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසක්‌ කටයුතු කිරීම නිසා ඉකුත් 08 දා උණුවතුර ළිං ආශ්‍රිත ප්‍රදේශයට පොලිසිය ද කැඳවීමට සිදු විය.

මෙම කාන්තාව බුදු හිමියන්ගේ රුව සහිත ගවුමෙන් සැරසී යනු දුටු දේශීය වන්දනාකරුවන් පිරිසක්‌ මුලින්ම එයට විරෝධය දක්‌වා ඇත. පසුව මෙම ප්‍රශ්නය දුරදිග යැමට නොදී පොලිසිය මැදිහත්ව බුදුරුව සහිත ගවුම පොලිස්‌ අත්අඩංගුවට ගත්තේය.

සිද්ධිය සම්බන්ධව උප්පුවේලි පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

  • 10.2K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button