පළකල දිනය : Sat, Jun 10th, 2017

එමානුවෙල් පල්ලියේදී යුගදිවියට එළඹුණු අනුර කුමාරගේ පුත්‍රයා !

ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ආදරණීය පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවය රාවතාවත්ත ශුද්ධ වූ එමානුවෙල් පල්ලියේදී (08) දා  පැවැත්වූනු අතර ඒ වෙනුවෙන් වූ සාදයමොරටුව තොටුපල හෝටලයේදී පැවැත්වුණා.

කලක් මිහින් ලංකා ගුවන් සේවයේ සේවය කල අනුරගේ පුත්‍රයා දැන් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ සේවය කරනු ලබනවා.

මාධ්‍ය වල අවධානයට ලක් නොවන පරිදි මෙම විවාහයේ කටයුතු සූදානම් කිරීමටද දිසානායක පවුල සහ ජවිපේ මධ්‍යම කාරක සභාව දැඩි වෙහෙසක් ගෙන ඇති බව වාර්තා වී තිබේ. නිර් – ආගමික මතවාදයක් ඉදිරිපත් කලද ජවිපේ ප්‍රධානීන්ගෙන් බහුතරය කතෝලික ආගමට දැඩි සම්බන්දයක් සහිත පවුල් වල සාමාජිකයින් බව නොරහසක්.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායකගේ විවාහක බිරිඳගේ කලින් විවාහයේ දරුවා වන කසුන් දිසානායකටත්, ඔහුගේ බිරිඳටත් සුභ විවාහ ජීවිතයකට සුභ පැතුම් පිරිනමමු.

 

 

  • 5.2K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button