පළකල දිනය : Fri, Jun 16th, 2017

සහේලි ගමගේ යුග දිවියට එළඹුණු දා (ජායාරූප)

“ආයු බෝවේවා මහ රජාණෙනි” ගීතය තුළින් ජනප්‍රියත්වයට පත් සහේලි රෝචනා ගමගේ මහත්මිය පෙරේදා යුගදිවියට ඇතුළත් වූවාය.

ඈ සමගින් අතිනත් ගත්තේ උදාර කපුකොටුව නැමති වෛද්‍යවරයෙකි.ඔහුව ඇයට මුණ ගැසී ඇත්තේ ජොර්ජියාහිදියි.

ඇගේ විවාහ උත්සවය පෙරේදා (14) දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවතුණු අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද මේ අවස්ථාවට සහභාගී විය.

මේ අතර සහේලි – උදාර යුවලගේ “සසර පෙරදා බැදුණු විලසේ” නැමති ගීතය ඔවුන්ගේ විවාහ දිනයේදී එළිදක්වා ඇත.

විවාහයෙන් පසුව නැවතත් ජූලි මස අගදී දෙදෙනාම විදෙස්ගතවන බවත් වෘත්තීය කටයුතු වලට අමතරව සංගීත කටයුතු සිදු කරන බවත් වාර්තාවෙයි.

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button