පළකල දිනය : Wed, Jun 21st, 2017

නාමල් උඩුගම දුලාජ් ධනුෂ්ක එක්ක බුකියේ සින්දු වලියක් ඈදගනීයි

ජනප්‍රිය ගායක නාමල් උඩුගම විසින් ගායනා කරන ලද “අප හමුවීම” නම් ගීතයේ නැවත ගායනා කරමින් නිර්මාණය කල හේතුවෙන් නාමල් සහ දුලාජ් ධනුෂ්ක නමැති තරුණ ගායකයා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වී තිබේ.

සිය නිර්මාණ කිසිදු අවසරයකින් තොරව ගායනා කිරීම පිළිබඳව නාමල් උඩුගම විසින් මෙම තරුණ ගායකයාට අවස්ථා කිහිපයකදී දෝශාරෝපනය කර තිබේ.
 
ෆේස්බුක් හරහා පණිවිඩයක් එවමින් නාමල් උඩුගම විසින් එම ගීතය සියලු සමාජජාල මාධ්‍යයන්ගෙන් ඉවත් කරන ලෙසත් එසේ නොවුනහොත් නඩු පවරන බවටත් ප්‍රකාශ කල අයුරු දුලාජ් ධනුෂ්ක විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.

නාමල් උඩුගම අසනීපව රෝහල්ගත කර සිටි සමයේදී දුලාජ් ධනුෂ්ක විසින් කිසිදු අයකිරීමකින් තොරව ගීත ගායනා කොට ඒ මුදල් නාමල්ට ලබාදුන් බවටද ඔහු ප්‍රකාශ කර ඇත.

මේ පිලිබදව දුලාජ් ධනුෂ්ක ෆේස්බුක් තබා ඇති සටහන පහතින් බලන්න.


 

 

 

 

  • 2.8K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button