පළකල දිනය : Sat, Jun 24th, 2017

කොට්ටාවේ සුවිසල් මැදුරේ තරුණියගේ ඝාතනය පසුපස රට රස්සාවක්

කොට්ටාව මත්තෙගොඩ පාරේ කෝටිපති ව්‍යාපාරික පවුලක වැඩිමහල් දියණිය වූ තරින්දි ආලෝකාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉතා වැදගත් සාක්ෂි රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

අදාල සිද්ධිය වූ අවස්ථාවේ දී කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ තරින්දිගේ පියා සහ මව නිවසේ හිඳ නොමැති බවටයි වාර්තා වන්නේ.

ඇගේ මව ඒ අවස්ථාවේ, කොට්ටාව හොරණ පාරේ පිහිටි ඔවුන් සතු “රංජිත් ස්ටෝස්” නම් වෙළඳ සලේ සිට ඇති අතර තරින්දිගේ සිරුර මුලින් ම දැක ඇත්තේ දහවල් පාසල නිමවී නිවසට පැමිණි අගේ බාල සොයුරිය විසින්.
 
ඇයගේ ගෙළ ප්‍රදේශයට පිහි පහර පහක් පමණ එල්ල කර තිබූ අතර ඒ සඳහා උපයෝගී කර ගත් පිහිය ද ඇඳ අසල වැටී තිබූ බව පොලීසිය සඳහන් කරනවා.
ඝාතනයට ලක් වූ 26 හැවිරිදි තරින්දි ආලෝකා රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරමින් සිටි අතර ඇය නිරුපිකාවක් ලෙසටද කටයුතු කර තිබුණා.

ඇය ළඟදි විදෙස්ගතවීමට අපේක්ෂාවෙන් පසු වූ බවත් වාර්තා වනවා…

එම නිවසට මීට මාස කිහිපයකට ඉහත දී සීසීටීවී කැමරා පද්ධතියක් සවි කර ඇති අතර ඒ ඔස්සේ මේ වනවිටත් ප්‍රබල සාක්ෂි රැසක් පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.

මාතර හක්මන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු එම නිවසට නිතර ආ ගිය බව වාර්තාවන අතර ඉකුත් 21 වැනි දා පස්වරුවේ සහ ඝාතනය සිදු වූ දිනයේ පෙරවරු 09.30 ත් 10.00 ත් අතර කාලයේ දී ඔහු එම නිවසට පැමිණි බවට ද සාක්ෂි ලැබී තිබෙනවා.
 
මෙම සිදුවීමෙන් අනතුරු ව තරුණ ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මේ තරුණ ව්‍යාපාරිකයා සමඟ තම දියණිය විවාහ වනු දැකීම තරින්දිගේ මවියන්ගේ අපේක්ෂාව වී තිබූ අතර තරින්දි එම තරුණයාට තමන් අකමැති බව දන්වා තිබු බවත් වාර්තා වනවා.

  • 2K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button