පළකල දිනය : Tue, Jun 27th, 2017

බුකිය කැළඹූ අසැබි වීඩියෝව ගැන මධූෂා රාමසිංහ සියල්ල හෙළිකරයි

තමාගේ රුවට සමාන අසැබි දසුන් කිහිපයක් හා වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් පවතින බව කලා ශිල්පිණි මධූෂා රාමසිංහ පවසනවා.

එම ඡායාරූපවල පෙනී සිටින්නේ ඇය බවට පවසමින් එම අසැබි දසුන් හුවමාරු කරමින් තමාගේ ප්‍රතිරූපය විනාශ කිරීමට යම් පිරිසක් උත්සහ දරණ බවයි ඇය පවසන්නේ.

එලෙස හුවමාරු වන දසුන්වල හා වීඩියෝවේ සිටින්නේ ඉන්දියානු නිල් චිත්‍රපට නිළියක් බවත් මෙලෙස සිදුවන්නට හේතුව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තමාව අපකීර්තියට පත්කිරීමට බවත් ඇය පවසනවා.
 
මේ සම්බන්ධයෙන් cyber crime අංශය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද තමා කටයුතු කරන බව ඇය වැඩිදුරටත් පවසනවා…

මේ ඇය සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ සටහනයි.

තුෂාර ජයරත්න නම් වූ අසහන කරුව විසින් මේ ඉන්දියානු කාන්තාවගේ අනවශ්‍ය වීඩියෝ පටයක් මුහුණු පොත් මිතුර මිතුරියන්ගෙ පුද්ගලික පණිවිඩ ලෙස යොමු කොට එහි පෙනී සිටින්නෙ මම බවට වැරදි අර්තකතනයක් ලබා දෙමින් සිටී.

දරුවනේ සිත ,කය ,වදනින් සම්බුද්ධ ශාසනයටත් සිංහල ජාතියටත්, මේ උතුම් ධර්මද්වීපයටත් උරුම වූ මා කෙදිනකවත් මාගේ කුණූපයන් වසාගත් මේ නාම රූපය වරදෙහි යොදවා නැති බව වගකීමෙන් ප්‍රකාශ කරමි. මේ පහර ගසන්නේ සකල් සිංහල බෞද්ධ කාන්තාවන්ගේ ගෞරවයණීය ජීව්තයටයි. තුෂාර නම් වූ පාහරයා මේ සංස්කෘතිකමය ඝාතනයන් ඔස්සේ මාගේ චරිතය ඝාතනය කිරීමට හේතුව ඔහුගේ නින්දිත අන්තර්ජාල අවභාවිතාවට එරෙහිව මා හඩ නැගීමයි.

අප දේශපාලන වශයෙන් මතවාදයන් හා ගැටුනද කෙදිනකවත් පුද්ගල චරිත හා ගැටී නැත. කිසි කලෙකවත් ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ කාන්තාවකට වුවද අනවශ්‍ය චරිත ඝාතයන් හී යෙදීමට මා කිසිදාක කිසිවෙක්ට අනුබල දී හෝ නැත.

මේ රටේ අක්කලා නංගිලා වෙනුවෙන් හිටගෙන ලිංගිකව හැසිරිලා කල හැකි සියල්ල කල කාන්තාවන්ගේ වීඩියෝ පට තිබියදී මේ කිසිවක් නොකල මාගේ චරිතය ඝාතනය කිරීම තුලින් ඔවුන් ලබන අසහන කාරී වින්දය කුමක්ද? කරුණාකර ඔබේ සහෝදරිය, බිරිද, පෙම්වතිය, යෙහෙලිය ,දියණියගේ ගෞරවය වෙනුවෙන් මේවාට එරෙහිවන්න.
 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button