පළකල දිනය : Sat, Jul 1st, 2017

වසර 17ක පොරොන්දුව රකිමින් සිය ආදරවන්තිය අද විවාහ කරගන්නා සුපිරි තරුව

ශ්‍රී ලංකාවට කිලෝමීටර 15 000 ක් ඈතීන් තිබෙනා ආර්ජන්ටිනාවේ රොසාරියො නුව‍ර ඈත දිනයකි. කුඩා ලයනල් හා ඔහුගේ මිතුරිය ඇන්ටොනෙලා එකිනෙකා දෙස බලා සමුගැනීමට සුදානම් ය. ඇන්ටොනෙලා කුඩා ලයනල් ගේ කුඩා කල පටන්ම මිතුරියයි. නමුත් ලයනල් ට ඇය හැරදා යුතුමය. කුඩා ලයනල් ට හෝමෝන ඌණතා රෝගයක් වැලදි තිබේ. එයට ප්‍රතිකාර කිරීමට තරම් ඔහුගේ පවුලට වත්කමක් නොමැත.

ලොව පුරා අසරණ රෝගී දරුවන්ට පිහිට වන ස්පාඤ්ඤයේ (ස්පාඤ්ඤය යටතේ පාලනය වන කැටලෝනියාවේ) බාසිලෝනා ක්‍රිඩා සමාජය කුඩා ලයනල්ගේ ප්‍රථිකාර වලට යන සියලු වියදම් දැරීමට සුදානම් ය. නමුදු ඒ සදහා ලයනල්ට කැටලෝනියාවේ බාසිලෝනා අගනුවරට යා යුතුය. ඔහුට ඇන්ටොනෙලා හැරදා යා යුතුව තිබෙ.
 
ඇන්ටොනෙලා හැරදා ස්පාඤ්ඤයට යන දින කුඩා ලයනල් ඇයට පොරොන්දුවක් දුන්නේය. එකල රෝගාතුර කුඩා ලයනල්ට දහතුන් විය පිරුනා පමණි.
“මන් රටින් ගියත් කොහේ ගියත් , ඔයා අමතක කරන්නෙ නෑ , ඔයා බලන්න මන් නිතරම එනවා ”
එතැන් සිට වසර දහ හතක් ගතව ඇත.

එදා සිටි රෝගාතුර කුඩා දරුවා අද එදා මෙදාතුර ලොව බිහිවූ හොදම පාපන්දු ක්‍රීඩකයා බවට ඇත. ලොව ධනවත්ම හා බලවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවද නියෝජණය කරයි. නමුත් ඔහු එදා වසර දහ හතකට පෙර සිය මිතුරිය ඇන්ටොනෙලා ට දුන් පොරොන්දු අමතකව නැත. ලොව එදාමෙදා තුර බිහිවූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන ලයනල් මෙසී සිය දීර්ඝ කාලීන සහකාරීය ඇන්ටොනෙලා රොකුසෝ සමග අද දින විවාහ වේ.

විදෙස් ප්‍රවෘත්තී සේවා වල ප්‍රමුඛ පුවත එයයි.

ලයනල් මෙසී සහ ඇන්ටොනෙලා දීර්ඝ කාලීන පෙම්වතුන් දෙදෙන මේ වන විට තියාගෝ සහ මැතියෝ නමින් සුරතල් පුතුන් දෙදෙනාගේ මවුපි‍යන් ය. බොහෝ පාපන්දු සුපිරි තරු ජනප්‍රියත්වය සහ මුදල් ලැබීමත් සමග නිළියන් , නිරූපිකාවන් සමග ආදර සම්බන්ධතා ගොඩ නගනා අතර ඔහුන්ගේ දරුවන්ගේ මවුවරුන් වේටර් වරියන් හෝ ගුවන් සේවිකාවන් නිසා දරුවන් සමග මවුවරුන් නොමැත.
 
නමුදු ලයනල් මෙසී ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වුවත් සිය පෙම්වතිය හැරදා නොයාම සහ අතිව්ශාල මුදල් සම්භාරයක් ලබා ගැනීමට හැකි වුවත් කුඩා කල තමන් රැක බලා ගත් බාසිලෝනා ක්‍රීඩා සමාජය හැරදා නොයාම ගැන මුලු ලොවෙහිම ව‍ර්ණනාවට ලක් වේ. ලයනල් මෙසී සිය විවාහයට ආජන්ටිනාවේ සුපිරිතම තරු පහේ හෝටලයක් මාසයක කාලයකට වෙන් කර ගත හැකි අතර විවාහයට ආරාධිත සියලුම අමුත්තන්ට මෙම හොටලයේම කාමර සැපයේ.

මෙසී සහ ඇන්ටොනෙලා කුඩා කල.


 
මෙසි සහ ඇන්ටොනෙලා යොවුන් වියේදී.
 

 
ඔහුන්ගේ විවාහය පැවැත්වෙන සුපිරි හෝටලය.
 

 
මෙසී සහ ඇන්ටොනෙලාගේ මිතුරන් සහ ඔහුන්ගේ පවුලේ සාමාජිකයන්.
 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button