පළකල දිනය : Tue, Jul 4th, 2017

ජිප්සීස් නායක වත්තලදී ගුටි කෑවා කියන සිද්ධියට දුන්න සෑර උත්තරේ..

සීදූවේ හෝටල් පරිශ්‍රයක පැවති ප්‍රසංගයක් අතරතුරදී ජිප්සීස් නායක සුනිල් පෙරේරාට ප්‍රහාරයක් එල්ලවූ බවට පසුගියදා වාර්තා පළවුණා.

ඊට හේතුව වී තිබුණේ සුනිල් පෙරේරරා ඔහුගේම ගීතයකට රාජපක්ෂවරුන්ගේ නම් ඇඳා උපහාසාත්මකව ගායනා කිරීමයි. පසුව ඉන් උරණ වූ පිරිසක් විසින් මෙලෙස ඔහුට පහර දුන් බවට එම වාර්තා සඳහන් කළා.

කෙසේ වෙතත් සුනිල් පෙරේරා මෙම වාර්තා ප්‍ර‍තික්ෂේප කරනවා.ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔහු පළකල වීඩියෝවක මෙසේ සඳහන් වී තිබුණා.

“සුනිල් පෙරේරා අයි සි යූ එකේලු..එහෙම නම් ඔෆිස් එකේ ඉන්න පුලුවන්ද මං? මේ වගේ දේවල් කරන්නේ අසහනකාරයෝ කිසි වැඩක් නැති මිනිස්සු ඕවට ඉතිං අපි සැලෙන්න ඕන නෑ..අර කතාවකුත් කියෙන්නේ ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා.

මම විශ්වාස කරනවා ස්භාවධර්මය මේක නිර්මාණය කරපු කෙනාට, එයාගේ පවුලට ,දරුවන්ට, ඵලදෙයි කියලා. අපි අතරේ ඊරිසියාකාරයෝ ඉන්නවා. අපි ඕවට සැලෙන්නේ නෑ.අනුන්ව හෙලන්නට තනන වලේ තමාම වැටෙනවා.

මේ 47 වෙනි අවුරුද්ද ජිප්සීස් යන්නේ. එන්න එන්න ශක්තිය වැඩිවුණා. ඕවා කිව්වා කියලා මගේ ශක්තිය අඩුවුණේ නෑ..මේ කතාව නිර්මාණය කරපු කෙනාට බොහෝ පිං”

මෙහි වීඩියෝව පහතින් බලන්න.
 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button