පළකල දිනය : Sun, Jul 16th, 2017

“සන්ෆලවර්” නොයෙල්ව නීල් අස්කළ බව හෙළිකරයි !

නොයෙල් රාජ් ලංකාවේ කණ්ඩායම් සංගීතය තුළ වෙනසක් ඇති කරපු කණ්ඩායම් කිහිපයක සාමාජිකයෙක්. ඉතිං නොයෙල් සන්ෆ්ලවර් නායක නීල් වර්ණකුලසූරිය ගැන අමුතු කතාවක් කිව්වා.
අලුත් වෙනස කොහොමද ?

වෙනස හොඳයි. ප්‍රසංග වේදිකාවෙන් ඉවත් වෙලා, ගෘහස්ථ වේදිකාවේ ඉදිරිපත් කිරීම් තුළ විශල වෙනසක් දැනෙනවා.

ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල සාමාජිකයින් එකතු වී වෙනසකට ගියේ එහි නායකයන් සමඟ ඇති වූ කලකිරීම නිසාද ?

අනේ නෑ. අපි හැමෝටම වෙනසක් අවශ්‍ය වුණා. අත්දැකීම් සහ පරිණත වීම තුළ වෙනසක් වගේම විවිධත්වයක් අවශ්‍යයි. ඒක නිසා සුජිත් මරසිංහගේ නායකත්වයෙන් “Members” හඳුනා.

මේරියන්ස්, සන්ෆ්ලවර්, සනිධප යන ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් වලින් ඉවත් වී අලුත්ම වෙනසකට යාම සාර්ථක වෙයි කියලා ඔබ හිතනවද ?

ඔව්, අනිවාර්යයෙන්ම හැමදාම මම තීරණ ගත්තේ මගේ හෘද සාක්ෂියට අනුව. ඒ වගේම මගේ ගයන කෞශල්‍යය වැඩිදියුණු කර ගැනීමට. ඉදිරියේදී පැහැදිලිවම මේ කියන වෙනස රසිකයින්ට දැනෙයි.

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට වෙන්න යන දෙ කලින් දැනගෙනද අයින් වුණේ.

වෙන්න යන දෙ කලින් දැනගෙන හිටියේ නැහැ. මම අයින් වුණේ නැහැ. අපිව අයින් කළා.

නීල් ගැටුමක් හින්දා ඔය කට්ටියවම අයින් කළා කියලා කතාව පැතිරුනා නේද ?

අපි අතර කිසිම ගැටුමක් නැහැ. නීල් අයියගේ තීරණය මත මම, රොෂාන්, අයිවෝ, ඇන්ටන්, සුජිත් අයින් කළා. අපි කිසි කෙනෙක් කැමැත්තෙන් අයින් වුණේ නෑ. අපිව අයින් කළා.

එකට හේතුව සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම විකිණීමට යාමලු. එකේ ඇත්ත මොකක්ද ?

අපි සංගීත කණ්ඩායමේ ඉද්දි එහෙම දෙයක් තිබුනේ නැහැ. නීල් අයියගේ තීරණය මතයි අපිව අයින් කළේ. ඊට වැඩි දෙයක් මම දන්නේ නැහැ.

සංගීත කණ්ඩායම් තුළින් බොහෝ විට ඇසෙන්නේ එකම ගීත පෙළක්. ඒකාකාරිත්වයෙන් මිදෙන්න “Members” කරන වෙනස්කම් මොනවද ?

අපි ගොඩක් මුල් තැන දෙන්නේ 70 – 80 හි ඉතා ජනප්‍රිය වූ ගීත. ඉතිං මෙහිදී ගීත තෝරා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දක්වනවා. එදා වගේම අදත් ගොඩක් ජනප්‍රිය ගීතවලට මුල් තැන දෙනවා.

“Members” වලට සම්බන්ධ වෙද්දී ඔබට අභියෝග ආවද ?

ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් නැඟුනා “Members” සංගීත තුළ දක්ෂයින් ඉන්න නිසා මේක හරියට කරගන්න පුළුවන් වෙයිද කියන එක. නමුත් අපි අතර තියෙන අනොන්‍ය අවබෝධය හා Team Work එක නිසා අපි හැමෝම සාර්ථකව කරගෙන යනවා.

මේ වෙද්දී “Members” ජනප්‍රිය වෙලාද ?

ප්‍රේක්ෂකයාට හිට් වෙමින් පවතින්නේ. අපේ පරමාර්ථය සල්ලි හම්බ කිරීම නෙවෙයි . ප්‍රේක්ෂකයාට සුමුයුරු සංගීතයක් සමඟ හොද රසවින්දනයක් දීම. ඉක්මනින්ම ජනප්‍රිය වෙන්න අපි උත්සහ කරන්නේ නැහැ.

මේරියන්ස්, සන්ෆ්ලවර්, සනිධපවලින් “Members” ආපු ඔබට තව අලුත් දෙයකට ආරාධනාවක් අවොත් භාර ගන්නවද ?

නෑ, “Members” තමයි මගේ අවසානය සහ සාමාජිකයෙක් විදියට සම්බන්ධ වූ අන්තිම සංගීත කණ්ඩායම.

ඉදිරියේදී ප්‍රසංග වේදිකාවේ ඔබගේ ගීත අගන්න බැරි වෙයිද ?

ප්‍රසංග වේදිකාවේ මගේ ගීත අහන්න පුළුවන් වෙනදා වගේම.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button