පළකල දිනය : Fri, Jul 21st, 2017

වෙඩින් එක දා නැෂනල් ටීම් එකට තේරුණු සචිත්‍ර ගැන බිරිද කියපු අපුරු කතාව

සචිත්‍ර සේනානායක කියන්නෙත් ලංකාවේ ඉන්න සුපිරි ක්‍රීඩකයෙක්. ඉතින් මේ ක්‍රීඩකයාගේ බිරිද වන ඉරේෂා සේනානායක ඔවුන්ගේ ආදර කතාව ගැන පුවත්පතකට පවසා තිබුණේ මේ විදියට.

සචිත්‍රව මුලින්ම දැක්ක දවස මතකද?

මම ඒලේවල් කරලා ගෙදර ඉන්න දවස්වල තමයි සිද්ධිය වුණේ. සචිත්‍රගේ ෆැමිලි එකයි අපේ ෆැමිලි එකයි ගොඩක් එකතුයි. නිතරම වගේ මුණගැහෙනවා. ගෙදර යනවා. එනවා. මම ක්ලාස් ගිහින් ගෙදර එද්දී දවසක් සචිත්‍ර අපේ ගෙදර ඇවිල්ලා හිටියා කලින් පුංචි කාලේ නම් හම්බවෙලා තියෙනවලු ඒ ගැන මතකයක් නෑ.

කොහොමද සචිත්‍ර හිතවත් වෙන්නේ?

අපි පවුල් දෙකම කතරගම ට්‍රිප් එකක් ගියා එදා තමයි මං හරියටම සචිත්‍රව හදුනාගන්නේ. කතා කළාට පස්සේ අපි හොද යාලුවෝ වුණා. 3004 මැයිවල තමයි හදුනගත්තේ. ඊට පස්සේ ඉදලා හිටලා කතා කරනවා. විස්තර අහනවා. මොබයිල් තිබුණේ නැහැ. ගෙදර ෆෝන් එකට කතා කළේ. ඒ විදියට හිතවත්කම් වැඩිවුණා. හොදම යාළුවෝ වගේ හිටියා මාස හයක් වගේ.

ඒ හිතවත්කම ආදරයකට පෙරළුණේ කොහොමද?

කතා කරන එක වැඩි වුණාම යාව“කමට එහා ගිය බැදීමක් තියෙනවා වගේ දැනිලා තිබුණා. මං හිතන්නේ එයාටත් ඒ දේම හිතෙන්න ඇති. අපිට හම්බවෙන්න අවස්ථාවක් ලැබුණේ නෑනේ. හම්බවුනත් ගෙදර හැමෝම හිටියා. කෙහොමහරි 2004 සුනාමි වෙලාවේ අපි සුනාමි ආධාර බෙදන්න ගියා.

එහිදී ඒ හිතවත්කම තවත් වැඩිවුණා වගේ තේරුණා. හිතේ තිබුණට කියන්න ගියේ නෑ. නොදැනිම පටන් ගත්ත ආදර කතාවක් ඒක. ඊට පස්සේ ජනවාරි මාසයේදී හැටන් ට්‍රිප් එකක් ගියා අපි පවුල් දෙකම. එදා තමයි සම්බන්ධය පටන් ගත්තේ.
 
ඉතින් ඒ දවසේ මොකද වුණේ?

සචිත්‍ර එකපාරටම ඇහුවා ඔයා ගෙදරට කියනවද, මම ගෙදරට කියන්නද කියලා. මොනවා ගැනද කියන්නේ කියලත් මං ඇහුවේ නැහැ. මං කිවුවා ඔයා ඔයාලගේ ගෙදරට කියන්න. මං අපේ ගෙදරට කියන්නම් කියලා. අපි එදා කිසි දෙයක් කියන්න ගියේ නැහැ. කොහොම හරි එදා සම්බන්ධය පටන් ගත්තා. ටික කාලයක් හොරෙන් කතා කර කර හිටියා.

කොහොමද දෙන්නගේ ආදර කතාව ගෙදරට කියලා අවසර ගත්තේ?

ගෙදරට කියන්න කලින් දවසක් අපි තනියෙන් හම්බවෙලා අපි දෙන්නා ගැන කතා කළා. පස්සේ අපි දෙන්නා ගෙදරට කිවුවා. විරුද්ධ වුණේ නැහැ. ඒත් ඒ වෙද්දී මම ඩිප්ලෝමා එකක් කරනවා. සචිත් ක්‍රිකට්වලට ලොකු කැපවීමකින් පුහුණුවීම් කරපු කාලේ.

හැමෝම මෙයාව දැනගෙන හිටිය නිසා අකමැති නම් වුනේ නැහැ. එයාල කිවුවේ ගෙවල්වලින් කතා කරල තියමු. ඉගෙනගන්න වැඩ වගේ අපි දෙන්නට තියෙන වැඩ ඉවරයක් කරගන්න කියලා. පස්සේ කොහොම හරි 2011 සැප්තැම්බර් 08 තමයි අපේ වෙඩින් එක ගත්තේ. දැන් අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.

සචිත්‍රට නැෂල් ප්ලේයර් කෙනෙක් වෙන්න අවස්ථාව ලැබුණම බිරිද විදියට මොනවගේ දෙයක්ද දැණුනේ?

එයා අවුරුදු තුන හතරක්ම ක්ලබ් සෙල්ලම් කළේ. නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන්න පුළුවන් කියල ක්‍රිකට් බෝඩ් එකෙන් කෝල් කලේ අපේ වෙඩින් එක දවසේ. එයාලා දැනගෙන හිටියෙත් නැහැ වෙඩින් එක කියලා. ඇත්තටම ඒ දවස ගොඩක් සතුටු හිතුණ අමතක නොවන දවසක්.

වෙඩින් එකේ අතරමැදදී ආව කෝල් එක නිසා සචිත්‍ර දුවන්න හදද්දී ඉරේෂාට දුක හිතුණේ නැද්ද?

මුලින් ඒ කෝල් එක එද්දි අපි ෆොටෝ ගන්නවා. එයා ටිකක් ඈතට ගියා. ඔලුවට අතගහගන්නවා දැක්කම මට බයත් හිතුණා. මොකුත් කරදරයක්ද දන්නේ නැහැ කියලා. මෙයා එකපාරටම ඇවිල්ලා මට කිවුවා ඉරේෂා මට යන්න ඕන කියලා. මාත් බයවෙලා දැන් යන්නේ කොහෙද මොකයද කියලා විස්තර ඇහුවම කිවුවේ.

ඇත්තටම ගොඩක් සතුටින් එයා හිටියේ. ඒ වෙද්දී වෙඩින් එකේ චාරිත්‍ර ඉවර කරලා තිබුණේ නැහැ. ශ්‍රී ලංකා ටීම් එකට තේරුණ එකට සතුටු හිතුණා වගේම දුකක් හිතුණා බැන්ද දවසේම ළග නැති වුණාම. ඊට පස්සේ මට ලොකු වැඩ කොටසක් කරන්න තිබුණා. අපේ හෝම් කමින් එක වෙඩින් එකෙන් දවස් තුනකට පස්සේ දාලා තිබුණේ. ඒවා ඔක්කොම වෙනස්කරලා මට හදන්න වුණා.

මොකද සචිත්‍ර දවස් පහකට පස්සේ තමයි ආපහු ආවේ. අපි බලාපොරොත්තුවෙන් හිටියනේ සචිත්‍රෙග් මේ බලාපොරොත්තුව ඉටුවෙනකන්. ඒ හින්දා ඒ වෙනුවෙන් මං හැමදේම හොද විදියට භාරගත්තා. ඒ දේ ගැන අපි වැඩිය කාටවත් කිවුවෙත් නැහැ. සචිත්‍ර හවස නුවර ගියා මම ගෙදර ගියා.
 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button