පළකල දිනය : Fri, Jul 28th, 2017

ගිනි අව්වේ පැනි කෝන් විකුණන දියණියන්ගේ පවුලට පුංචි සහනයක් !

හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ අළුත්ශය ප්‍රදේශයේ මහපාරේ ගමන් කරන වාහනවලට අතදමා පැනි කෝන් විකුණන කුඩා අක්කා නගෝ දෙදෙනෙකු පිළිබඳව සංවේදී පුවතක් පසුගියදා වාර්තා වුණා.

මෙලෙස පැණි කෝන් විකුණුවේ සිව්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හංසි සඳමාලි සහ තුන්වන වසරේ ඉගෙනුම ලබන හර්ෂි සඳමාලි යන ගැහැනු දරුවන් දෙදෙනායි.

මේ දෙදෙනාට තවත් පුංචි මල්ලියෙක් සහ 11 වැනි වසරේ ඉගෙනුම ලබන අයියා කෙනෙකුද සිටිනවා.

ඉතින් මොවුන්ට යම් අස්වැසිල්ලක් වෙන්නට ඕස්ට්‍රේලියාවේ පදිංචි Jai Jeehan Sasanka Abeywickrema මහතා මුදල් පරිත්‍යාගයක් කර තිබෙනවා.

ඉතින් ඒ මුදල්වලින් කොටසක් ළමයින්ට අවශ්‍ය පොත් පත්, ඇඳුම් වැනි දේ අරගෙන කෑමට ආස පළතුරුද ගැනීමට කටයුතු කර තිබෙනවා.
 
මෙලෙස මේ ජිවිත වලට මල් වැස්සක් වන්නට කාට හරි හැකියාවක් ඇත්නම් ඔහුන්ගේ ලිපිනය එස් .ජි .ප්‍රියන්ත රණසිංහ ,නො 273 සිංහගම ,අළුත්ඔය , මේ ඔවුන්ගේ ලිපිනයයි . මේ පිරිස සම්බන්ධ කරගැනීමට 076 69 95 508 අංකයට ඇමතුමක් ලබාගැනීමෙන්ද පුළුවන්.

කොහොමවුනත් මේ අවස්ථාවේ මොවුන්ගේ මුවග රැඳුනු අහිංසක සිනහව කැමරා කාචයේ සටහන්ව ඇත්තේ මෙලෙසින්.
 

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස 0773416157)2017.07.28උදව් කළ සැමගේ සතුට වෙනුවෙන් .ගිනි අව්වේ කොන් විකුණු දියණියන්ගේ පවුලට කෙටි අස්වැසිල්ලක් කොන් රසට මිදී රස .දෙපයට සපත්තු .වතට ඇදුම් ඉගෙනීමට අවැසි දෑ බුදු පිළිමවහන්සේ නමක් ආදී ලබාගත්තා .ඕස්ට්‍රේලියාවේ පදිංචි Jai Jeehan Sasanka Abeywickrema මහතා මේ දරුවන් වෙනුවෙන් රු 10000ක මුදලක් ඒවා තිබුනා හොරිවිල වෙදැදුරු ශාන්ත මහතා ගේ සහයෝගය ඇතිව මේ පවුලේ පිරිස හබරණට එක්ක ඇවිත් මේ උතුම් ක්‍රියාව කළා . මම මේ පවුල ගැන කිව්වට පස්සේ එයාලට බොහෝ දෙනෙක් උදව් කරන්න ඉදිරි පත් වෙලා තියනවා ,ඒ හැමෝටම ගොඩක් පිං .ඒ වගේම මම කෙරේ විශ්වාස කල ලෝකය පුරා විසිරි සිටින මිතුරු මිතුරියන්ට ගොඩාක් ස්තුතියි .ඉදිරියටත් අහිංසක ජනතාවට වංචාවකින් තොරව උදව් කරන්න පිං එකතුකරගන්න මා සමග සිටින්න . මම කාංචන

Posted by Kanchana Kumara on Thursday, July 27, 2017

 

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස 0773416157 )2017.07.24ගිණි අව්වේ මහ පාරේ පැණි කෝන් විකුණන "හංසිගේ සහ හර්ශි "ගේ තිත්ත කතාව පැණි කොන් විකුණන මේ දියණියන්ගේ ජීවිතද ඉඩෝරයට හසුවී හමාරය මේ ජිවිත වලට මල් වැස්සක් වන්නට කාට හරි හැකියාවක් ඇත්නම් ඔහුන්ගේ ලිපිනය එස් .ජි .ප්රියන්ත රණසිංහ ,නො 273 සිංහගම ,අළුත්ඔය , ඔහුන්ගේ ලිපිනයයි .මේ පිරිස සම්බන්ධ කරගැනීමට 076 69 95 508 අංකයට ඇමතුමක් ලබාගැනීමෙන් හැකිය .මුදලක් බැර කරන්නට නම් ප්රියන්ත රණසිංහ මහතාගේ හබරණ ලංකා බැංකුවේ ගිණුම් අංක 72600845 බැර කලහැකිය හබරණ ත්රිකුණාමලය ප්රධාන මාර්ගයේ අළුත්ඔය ප්රදේශයේ කුඩා අක්කා නගෝ දෙන්නෙකු මහපාරේ ගමන් කරන වාහන වලට අතදමා පැනිකොන් විකුනති .ගිනි අව්වේ දෙපා රත්ව උඩ පනිමින් වෙළදාමේ යෙදී වෙළදාම නොමැතිව මුණ අබුල් කරගෙන සිටි මේ දියණියන් දෙන්නා අසල අප පැමිණි වාහනය නවතුවෙමු . දරුවන්ගේ මවද තවත් කුඩා දරුවෙකු වාඩාගෙන දියණියන් දෙන්නා අසලට ඉක්මනින් පැමිණියේ පාර අද්දර තබා ඇති උදලු මිටි, දර ,හෝ මි පැණි , මිලදී ගන්නට පිරිසක් පැමිණ ඇති බව සිතාය .පැණි කෝන් විකුණන මේ දියණියන්ගේ ජිවිත වල ඇති තිත්ත කොතරම්ද නිරසද යන්න අප සොයා බලන්නට තීරණය කළෙමු .මෙසේ පැණි කෝන් අලවි කරමින් සිටියේ හතර වසරේ ඉගෙනුම ලබන හංසි සදමාලි සහ තුන වසරේ ඉගෙනුම ලබන හර්ෂි සදමාලි යන අක්කා නොගෝ ය .මේ දෙන්නාට තවත් පිංචි මල්ලියක් සහ 11 වැනි වසරේ ඉගෙන ගන්නා අයියා කෙනෙකුද සිටි .හන්සිලාගේ අම්මා චන්ද්රිකා පේමරත්න දරුවන් බලාගෙන නිවසේ සිටින්නීය .ආදරණිය පියාගේ එක ඇසක් අන්දභාවයට පත්ව ඇත්තේ කැලේ දර පලද්දී දර කැබැල්ලක් වැදීමෙනි .ඔහු රැකියාව ලෙස කරන්නේ කැලේ ගොස් දර මිටියක් ,සොයා ගැනීම .පැණි බෝතලයක් භාගයක් සොයා ගැනීම හා ගඩා ගෙඩි කඩාගෙන විත් නිවස ඉදිරිපිට පාරේ තබා කාට හෝ අලවි කිරීමයි .දිනකට එක වේලකින් පමණක් සරි කරගන්නා මේ පවුලේ පස් දෙනා ජිවත්වන නිවාස ය කොයි මොහොතේ කඩා වැටෙද යන්න සැක සහිතය .දරුවන් තිදෙනෙකු පාසල් අධ්යාපනය ලැබුවද දෙපයට දමන සපත්තු වලින් ඇගිලි බිම වදින්නේය .හරි හමන් ඇදුමක් අදින්න නැති මේ පිරිස දරිද්රතාවයේ පතුලේම සිටිති .ඉදිරියට වර්ෂාවක් ලැබුනොත් කුලියක් හෝ සිදුකොට නිවසට පොල් අත්තක් ටකරමක් ගන්න පෙරුම් පුරමින් සිටින දරුවන්ගේ පියා ප්රියන්ත රණසිංහ කිවේ කොහොම හරි දරුවන් රැකගැනීමට තනි ඇසෙන් හෝ වෙහෙසෙන බවය .ඔහුගේ දෑතේ කරගැට වලින් අත්වල ඇනුණු කටු වලින් ඒ බව මනාව අපටද පැහැදිලි විණි .පැණි කොන් විකුණන මේ දියණියන්ගේ ජීවිතද ඉඩෝරයට හසුවී හමාරය මේ ජිවිත වලට මල් වැස්සක් වන්නට කාට හරි හැකියාවක් ඇත්නම් ඔහුන්ගේ ලිපිනය එස් .ජි .ප්රියන්ත රණසිංහ ,නො 273 සිංහගම ,අළුත්ඔය , ඔහුන්ගේ ලිපිනයයි .මේ පිරිස සම්බන්ධ කරගැනීමට 076 69 95 508 අංකයට ඇමතුමක් ලබාගැනීමෙන් හැකිය .මුදලක් බැර කරන්නට නම් ප්රියන්ත රණසිංහ මහතාගේ හබරණ ලංකා බැංකුවේ ගිණුම් අංක 72600845 බැර කලහැකිය ..

Posted by Kanchana Kumara on Monday, July 24, 2017

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button