පළකල දිනය : Tue, Aug 1st, 2017

මහ බැංකුව පුරා නීල හොරු ස්ථානගත කල අයුරු මහ සාක්‍ෂියකින් හෙලිවේ !

බැදුම්කර මංකොල්ලයට බැදුම්කර මාමා මහ බැංකුව පුරා නීල හොරු ස්ථානගත කල අයුරු මහ සාක්‍ෂියකින් හෙලි වේ

2015 වසරේ ප්‍රධානීන්ගේ දැඩි විරෝධතා මත සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන තීරණ ගන්නා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඉන් ඉවත් කොට සමන් කුමාර එහි ප්‍රධානියා බවට පත් කරලීමේ මෙහෙයුම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ අවශ්‍යතාව පරිදි සිදුවූවක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආනන්ද ජයලත් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කර සිටියේය.

2015 වසරේ සේවක අර්ථසාධක අරමුදලේ අධිකාරිවරයා ලෙසින් කටයුතු කළේ සහකාර අධිපති ජයලත් මහතායි.
 
මෙම සමන් කුමාර නැමත්තා මීට පෙර අර්ථසාධක අරමුදලේ සේවය කළ සමයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ප්‍රශ්නගත අයුරින් කටයුතු කළ අයෙකු බවට රාවයක් පැතිරගොස් තිබුණු බව ද ජයලත් මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

පසුව ඔහුව පරීක්ෂා කිරීමේ අරමුණින් ආයතන ප්‍රධානියා ලෙස ඔහුව සේවක අර්ථසාධක අරමුදලේ අවදානම් කළමනාකරණ අංශයට අනුයුක්ත කළ බව ජයලත් මහතා වැඩිදුරටත් පැවසුවේය.

නමුත් මෙම පත්කිරීම සම්බන්ධයෙන් එවකට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තමාට දුරකතනයෙන් බැණ වැදුණු බවත් වහාම සමන් කුමාර සේවක අර්ථසාධක අරමුදලේ ඉදිරිපෙළ කාර්යාලයට අනුයුක්ත කරන ලෙස තර්ජනාත්මක ස්වරයෙන් පැවසූ බවත් ආනන්ද ජයලත් මහතා වැඩිදුරටත් බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය කර සිටියේය.

මුලාශ්‍රය – Adadenara

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button