පළකල දිනය : Wed, Aug 2nd, 2017

සමාජ ජාල හැඬ වූ පුංචි දියණිය කළ දුක්බර කතාව

නරුමයෙකුගෙන් සිගිති දැරියකට සිදුවූ හිංසා ඉවසා ගත නොහැකි තැන තනිවම පොලීසියට පැමින තමන්ට සිදුවූ හිංසා ගැන කිවූ සිගිති දියණියක් පිළිබද සංවේදී පුවතක් සමාජජාලා මාධ්‍ය වල හුවමාරු වනවා.

මේ පුංචි දියණිය පොලිසීය හොයාගෙන තනියම පොලිසීයට ඇවිල්ලා. ඇයට පොලිස් මාමලාට කීමට දෙයක් තියෙනවා.

අමරේ මාමා කියන කෙනෙක්ගෙන් මේ දුවට සිද්ද වෙන කරදර ඉවසන්න බැරිවයි ඇය පොලිස් මාමලා හොයාගෙන ආවේ. පුංචි දියණිය අමරේ මාමාගේ තරවටු ගැන පොලිසියේ නිළධාරියෙක් සමඟ කියනවා.

මේ දුව කියන්නේ අමරේ මමා කුඩූවට දාලා හිර කරන්න කියලා . ඒ අමරේ මාමා එළියට ඇවිත් කරදර කරයි කියලා .

මේ පුංචි දැරිවිට හරියට ඉන්න ගෙයක් නෑ ඉගෙන ගන්න පාසලක් නෑ. අම්මා එක්ක එක්ක තනිවෙලා ඇය ජීවත් වෙන්නේ ඇය ආබාධිතයි.

මේ පුංචි දියණියගේ දුක්බර කතාව රටට කිව්වේ පොලිස් නිළධාරී ප්‍රසන්න නානායක්කාර.

ප්‍රසන්න නානායක්කාර විසින් මෙම දියණියගේ කතාව සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුනා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button