සිංගප්පූරුවේ ඕස්ට්‍රේලියානු මුළුතැන්ගෙය ජයගත් අපේ කොල්ලා !
ශ්‍රී ලංකාවේ ඉපිද මේ වන විට සිංගප්පූරුවේ ඕස්ට්‍රේලියානු මුළුතැන්ගෙයක් වන Cheek By Jowlහි හිමිකරුවා වන චෙෆ් – රිශි නලීන්ද්‍ර ‘මිචෙලින් ස්ටාර්’ නම් තරඟාවලියෙන් ජය ගත් පළමු ශ්‍රී ලාංකිකයා වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම අවන්හල්වල පුහුණුව ලැබ සේවය කර ඇති ඔහු ලොහ් ලික් පෙන්ග් සමග පසුගිය වසරේ නව අවන්හලක ආරම්භයට දායක වී ඇත.
“පසුගිය වසර තුනෙහි මාගේ නවාතැන වූ සිංගප්පූරුවේ ඕස්ට්‍රේලියානු මුළුතැන්ගෙය ප්‍රසිද්ධ කිරීමට හැකි වීමත් මිචෙලින් ස්ටාර් ජය ගත් පළමු ශ්‍රී ලාංකිකයා වීමත් ගැන මම ආඩම්බර වෙමි.” ඔහු සිය ෆේස්බුක් ගිණුමේ පල කර ඇත.
ඔබගේ අදහස් උදහස් එක්කරන්න