පළකල දිනය : Fri, Aug 4th, 2017

ලොකු සීන් දාපු කාන්තාවට ගල්කිස්ස පොලිස් නිළධාරියගෙන් පාඩමක් !

පොලිස් නිළධාරීන් ගැන ගොඩක් අය අතර තියෙන්නේ එතරම් යහපත් ආකල්පයක් නෙවෙයි. හැබැයි හැම පොලිස් නිළධාරියෙක්ම එහෙම නෙවෙයි කියලා පෙන්වන්න අපි ඔබට මුහුණු පොතේ අපි දැකපු සටහනක් එක් කරන්න හිතුවා. අවංකව තම රාජකාරිය කරපු උතුම් පොලිස් නිළධාරියෙක් ගැන තමයි මේ සටහනෙන් කියවුණේ. කතාවේ හැටියට නම් මේ ගල්කිස්ස පොලීසියේ තරුණ නිළධාරි මහත්මයෙක්. මේ එම සටහනයි.

වෙලාව පාන්දර දෙක පහු උන ගමන්. අපි හතර දෙනාගන් දෙන්නෙක්ම හොදට සප්පායම් වෙලා. පාර්ටිය පටන් ගත්තේ දහයට විතර. පාර්ටියේ තරම හිතා ගමුකෝ. කැස්බෑව කලර් ලයිට් එක ගාව .

” අප්පට සිරි පොලීසියෙන් ”
කියවුනා විතරයි කෑලි තුනේ ටෝච් එක අපේ කාර් එකට.
” මහත්තුරැ බැහැලා ආවනන් පොඩ්ඩක් ”

තරැණ පොලිස් රාළහාමිගෙන් ඇරයුමක්.
” මොකෝ දුර ගියේ නවත්තන්න ? බීලද ? ”
” අනේ නෑ. අපි නන් බීලා නෑ ඇතුළේ උන් දෙන්නට ටිකක් වැඩියි . “අපි ඇත්තම කිවුවා.

තරැණ නිලධාරි මහත්මයා අපෙන් විස්තර අහන අතරේ පාරේ යන අනෙක් වාහන පිළිබදව හොඳ විමසිල්ලෙන්.

බණ්ඩාරගම පැත්තෙන් විදුලි වේගයෙන් ආපු කඵ පාට ප්‍රාඩෝ රථයට ඔහු අත දැම්මේ දෙසරයක් හිතන් නැතුව.
අප්පට සිරි හයි ක්ලාස් ඇන්ටි කෙනෙක්. කොල්ලෝ සෙට් එකක්ම ප්‍රාඩෝ එක ඇතුලේ.
රාළහාමි වාහනේ ගාවට ගිහින් පොඩි කථාවක්. රියදුරැ අසුනේ ඉදපු කාන්තාව කලබලෙන් මොනවද හොයනවා.

” මචං බලහන් ෂුවර් එකට ගෑණි ගාව ලයිසන් නෑ. මූ ෂේප් කරලා යවයි ගානට “.

මන් යාඵවට කිවුවේ රාළහාමිට ඇහෙන්නේ නැති වෙන්න.
මොකක් හරි අවුලක්. ඇතුලේ අය කෝල් එහෙම ගන්නවා දිගට හරහට.
රාළහාමි ගියා තමන්ගේ මිතුරා ගාවට. කාන්තාවත් වාහනෙන් බැහැලා ඒ පස්සෙන්ම.

” ආදයම් බලපත්‍රය නෑ. පිළියන්දල පොලීසියට ඇවිත් ලයිසන් එක අරන් යන්න.”

ජීවිතේ පළවෙනි වතාවට ප්‍රාඩෝ එකකට දඩ කොළයක් දෙනවා ඇස් දෙකෙන් දකින්නයි යන්නේ මන්.

” දඩේ කීයද ?”

වාහනෙන් බැහලා ආපු තරැණයා අමුතු ටෝන් එකකින් අහනවා.
දඩ පොත පෙරලමින් ඉදපු අපේ කථානායකයා ඔඵව උස්සලා,

” ඔබතුමා පොඩ්ඩක් වාහනේට ගිහින් වාඩි වෙන්න.”

කියලා කිවුවේ ටිකක් විතර උස් හඩින්.
රියදුරැ කාන්තාව නිළධාරීතුමාගේ ළඟටම ඇවිත් ඇඹරෙන ගමන්,

” එහෙම නෙමෙයි ඉතින්.ඇත්තටම දඩේ කීයද ?”

අම්මෝ එයාගේ කොමලේ.

” පන්සීය පනහයි ”

” මන් ඒක දීලා යන්නන්. ඔයා ගෙවන්න. මගේ හස්බන්ඩ්ගේ කාඩ් එකකුත් දෙන්නන්. ඕන කමක් උනොත් කථා කරන්න.”

ඇය මේ හදන්නේ පගාවක් දීලා බේරෙන්න.
ඇයව සත පහකට ගනන් ගත්තේ නැති තරැණ නිලධාරියා දඩ කොළේ ලියනවා ගානක් නැතුව.

” මෙන්න මිස් දඩ කොලේ. ආදයම් බලපත්‍රේ අරගෙන ඇවිත් පොලීසියෙන් ලයිසන් එක ගන්න. නැත්නන් උසාවි. අපි ගල්කිස්ස පොලීසියෙන්. මේකේ අපේ සීල් එක තියෙන්නේ. ඒ උනාට පිළියන්දල පොලීසියට ලයිසන් එක භාර දෙනවා.”

ඔහු දඩ කොළය ඇයට දෙන ගමන් පැවසුවා.
රතු වෙච්ච මූණෙන් කොළෙත් අරන් අහිමි උනු ලයිසන් එක දිහා දුකෙන් බලපු ඇය යන්න හැරැනා.

” ආහ් තව දෙයක්. හැම රාළහාමිකෙනෙක්ම දඩේ ගෙවන්න කියලා සල්ලි ගන්නේ නෑ. ඒකත් හොදට මතක තියා ගන්න. වැරදි නොකර ඉන්නවනන් අපි කාටත් ලේසියි.”

හුග කාලෙකින් මම පොලිස් නිලධාරියෙක් දිහා ආඩම්බරයෙන් බැලුවේ.
මගේ ජීවිතේ පළවෙනි වතාවට පොලිස් නිලධාරියෙක් ප්‍රාඩෝ එකකට දඩ කොළයක් දෙනවා දැක්කේ.

” මහත්තයලා යන්න. පරක්කු උනා නේද ? සමාවෙන්න ! ”

කාර් එක ගාවට යන්න පියවර කීපයක් ගියපු මම ආපහු හැරැනා.

” සර්, ඇත්තටම සතුටුයි. මන් මේ වගේ සිද්ධියක් දැක්කමයි. සර් ගේ නම මොකක්ද ?”

මම ඔහුට අත පෑවා. මම පොලිස් නිලධාරියෙක්ට සර් කියලා ආමන්ත්‍රණය කරපු ජීවිතේ පළවෙනි අවස්ථාව ඒ.
හිනා වෙලා මට අතට අත දීපු ඔහු,

“නම මොකටද ? පාරෙදි දැක්කොත් හිනා වෙලා කථා කරන්න. මට ඒ හොදටම ඇති.
පුඵවන් නන් තව එක්කෙනෙක්ට කියන්න මේ වෙච්ච දේ. හැම නිලධාරියෙක්ම ජරාව ගන්නේ නෑ” කිවුවා.

සමහර වෙලාවට ඔහු මේ මොහොතෙත් රාජකාරියේ යෙදෙනවා ඇති.
නම නොදත් ගල්කිස්ස පොලීසියේ ඒ තරැණ නිලධාරී මහත්තයාට කරන ගෞරවයක් විදියට අකුරැ කරන්න හිතුනා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button