පළකල දිනය : Fri, Aug 4th, 2017

රවි ඉවත් කරනු නැතොත් විශ්වාස භංගයට පක්‍ෂ වෙනවා

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජනාධිපති විමර්ශන කොමිසමේදී විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතාට ආදළව හෙළි වූ කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රීවරු පිරිසක් දැඩි තීරණයකට පැමිණ ඇතැයි කරුණු වාර්තාවේ.

මේ අනුව රවි කරුණානායක මහතා වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකළහොත් ඔහුට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඉදිරිපත් කළ විශ්වාසභංගයට පක්ෂව තම ඡන්දය පාවිච්චි කරන බව එ.ජා.ප සාමාජිකයන් පිරිස අද දිනයේ දී පක්ෂ නායකත්වයට දැනුම් දෙනු ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ පිරිසුදු බව තහවුරු කළ යුතු බව මෙම කණ්ඩායමේ අදහස වී තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button