පළකල දිනය : Sat, Aug 5th, 2017

ජයලත් මනෝරත්නයන් කළ සුලු උපකාරයකින් ජීවිතය ජයගත් සිසුවා..!

මීට වසර 15කට පමණ පෙර දිනක් පේරාදෙනිය විශ්ව විද්‍යාලීය සරත්චද්‍ර එලිමහන් රගහලේ නාට්‍යකට සහභාගීවූ ආචාර්ය මනෝරත්නයන් නාට්‍ය අවසන් වූ පසු සුපුරුදු පරිදි නාට්‍ය නැරඹීමට පැමිණ සිටි සිසුන් සමග කෙටි සුහද පිලිසදරක යෙදෙන්නට උනා.

පැමිණ සිටි සිසුන් කතාබහ කිරීමෙන් පසුව එකාදෙන්නා විසිරයද්දී ආචාර්යයන්ට තරමක් දුරින් එක් තරුණයෙකු ඔහු දෙස බලා සිටිනු දිස්වනවා. ආචාර්ය මනෝරත්නයන් තේරුම්ගනු ලබනවා මෙම තරුණයාට තමන් සමග කතා කිරීමේ උවමනාවක් ඇතත් තරමක කුලෑටිගතියකින් පසුවන බව.

සියලුදෙනා විසිරගිය පසු ආචාර්යයන් මෙම තරුණයාව තමන්අසලට කැදවාගනු ලබනවා. තරුණයා මනෝරත්නයන් සමීපයට පැමිණ දණනමා ආචාර කිරීමෙන් පසුව සිය සාක්කුවෙන් යම් කඩදාසිකොලයක් ගෙන ආචාර්යයන් හට ලබාදෙනවා. කඩදාසියේ ඇති අත්අකුරු හදුනාගනු ලබනවා.

එම ලිපියේ ලියා තිබූ දෙය කෙටියෙන් කිවතොත් ඒ:
 
“පුතා බය නැතුව ඉස්කෝලේ යන්න, මම සපත්තු කූට්ටමට සල්ලි එවන්නම්”

ඒ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අත්අකුරුමය. ආචාර්යයන් ලිපිය තරුණයාගේ අතට දෙන අතර තුරු සිදු වූයේ කුමක්දැයි අසා සිටියා. ඔහුගේ පිලිතුර වූයේ ආචාර්ය මනෝරත්නයන්ගේ එම ලිපිය නොවන්නට ඔහු එදා පාසල් නොවනබවත් එසේ සිදු වූවානම් සිය පාසල් ගමනද නවත්වන්නට සිදුවනු ඇති බවත්ය.

එම තරුණයා වෛද්‍යපීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන බව ආචාර්ය ජයලත් මනෝරත්නයන්ට එම තරුණයා සිය හදවතින් නැගි කෘතඥ්‍රතාවයද පුදකරමින් ප්‍රකාශකර සිටියා. එදා ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ඒ උපකාරය නොවන්නට මෙම තරුණයාගේ ජීවිතය සහමුලින්ම වෙනස්වන්නට ඉඩ තිබුනා.

මේ පිලිබදව මනෝරත්නයන් හෙලිකර සිටියේ ඡාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහනට සහභාගී වෙමිනුයි.

එම වැඩසටහන පහලින් නරඹන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button