පළකල දිනය : Wed, Aug 9th, 2017

කුඩා පැල්පතේ තනිවම සිට A/L කරන දිරිය දියණිය

ජීවිතයේ මුහුණදීමට සිදුවන ප්‍රශ්න අභියෝගයක් කර ගනිමින් ඒවා ජයග්‍රහණය කර ගැනීමට වෙර දරන දිරිය දියණියක් පිළිබඳ තොරතුරු අපට ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

​සිසුවිය – මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ

ප්‍රශ්නය – තනියම ඉන්න බය නැද්ද..?
– බය හිතනේනේ නැහැ.දැන් ඒක පුරුදු වෙලා.
 
ප්‍රශ්නය – මොකද ඒ තරම් හිතට ශක්තියක් ආවේ ?
– පොඩි කාලේ ඉදලා දුකනේ වින්දේ ඒ හින්දා.

මේ දියණිය වාසය කරන්නේ ගලේවෙල ප්‍රදේශයේ.

සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් අටටම සම්මාන සාමාර්ථ ලබා ගනිමින් ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක කලා අංශයෙන් උසස් පෙළ හදාරණ ඇයට මේ කුඩා පැල්පත නුපුරුදු තැනක් නොවේ. දුක් කම්කටොලු රැසක් මැද ඇය මේ කුඩා පැල්පතේ තනිව ජීවත් වන්නේ වසර කිහිපයක සිටයි.

කුඩා කල පියා මිය ගිය පසු මව මීට වසර කිහිපයකට පෙර වෙනත් විවාහයක් කරගත්තා. ඉන් පසුව මතු වූ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ඇය මෙලෙස සිය ජීවිතයේ ඉදිරි ගමනට මුහුණ දෙන්නට තීරණය කළා.

සිසුවිය – මගේ තාත්තා නැහැ අම්මා විතරයි ඉන්නේ.අම්මා ආයේ කසාදයක් කර ගත්තා.ගොඩක් දුකයි ඉතින්.

ප්‍රශ්නය – ගෙදරට ගිහිල්ලා අම්මාත් එක්ක ඉන්න පුළුවන්නේ, තනියම ඉන්නේ නැතිව?
– එහෙ හිටපුවාම පාඩම් වැඩ කර ගන්න අමාරුයි.

ප්‍රශ්නය – ජීවිතයේ අමතක නොවනම සිද්ධිය මොකද්ද?
– අමතක නොවන සිද්ධිය තනියම ඉන්න වුණ දවස තමයි.

කිසිවෙකුගේ සරණක් නොමැතිව දිවි ගෙවන මේ දිරිය දියණිය පාසල් නොයන දින වලදී කුලී වැඩ කරමින් ජීවිකාව සරිකර ගන්නේ සිය අධ්‍යාපනය සහ එදා වේල සපුරාගැනීමේ අරමුණින්. කෙතරම් බාධා කම්කටොළු හමුවේ වුවද ඒවාට .

සිසුවිය – මගේ එකම අරමුණ තියෙන්නේ ගුරුවරයෙක් වෙලා.මම වගේ දුත්පත් ළමයි තව ගොඩක් ඇති එයාලට සේවයක් කරන්න.

මේ දිරිය දියණියගේ ඉදිරිය වෙනුවෙන් ඔබට යමක් කළ හැකිනම් එය මහත් වූ පිංකමක්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button