පළකල දිනය : Fri, Aug 11th, 2017

දුරකතනයක් නිසා ගඟට පැන සියදිවි නසාගත් සිසුවියගේ සිරුර සොයාගැනේ

නිල්වලා ගඟට පැන සියදිවි නසාගත් දහසය හැවිරිදි පාසල් සිසුවියගේ මළ සිරුර ඊයේ (10) හමුවුණා.

මේ පාසල් සිසුවිය නිලවලා ගඟට පැන තිබුණේ අකුරැස්ස තිබ්බටුවාව පාලමෙන්.

ඒ පෙරේදා (09).

මුලින්ම සැක පළවුණේ ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇතිවූ ප්‍රශ්නයක් මත මේ සිසුවිය ගඟට පනින්නට ඇති බවයි.
 
නමුත් මේ වනවිට ඇගේ සියදිවි නසාගැනීමට හේතුව, ඇය විසින් පාසලට ගෙන ගිය ඇගේ ජංගම දුරකථනය විදුහල්පතිට හසුවීම නිසා ඇගේ මවුපියන් පාසලට පැමිණ දුරකතනය රැගෙනයන ලෙසත්, මවුපියන් පාසලට පැමිණීම අනිවාර්ය යැයි පණිවුඩයක් නිවෙසට එවීමත් නිසා සිත් තැවුලට හා කලබලයට පත්වීම බවට අනාවරණය වී තිබෙනවා.

සිසුවියක් ගඟට පැන ඇතිබවට පෙරේදා (09දා) සවස අකුරැස්ස පොලිසියට ලැබුණු නිර්නාමික දුරකතන ඇමැතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය තිබ්බටුවාව පාලම අසල නිල්වලා ගඟේ පාවෙමින් තිබූ ඇගේ පාසල් බෑගය සොයාගෙන තිබුණා.

එම බෑගයේ තිබුණු ජාතික හැඳුනුම්පතට අනුව දිවි නසාගත් ශිෂ්‍යාව ජේ.කේ. තරුෂි සඳරුවනි යනුවෙන් හඳුනාගෙන තිබුණා.

අකුරැස්ස පෝරඹ ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇය මෙවර අ.පො.ස. සා.පෙළට පෙනී සිටීමට නියමිතව ශිෂ්‍යාවක්

ඊයේ සවස ඇයගේ සිරුර සොයා ගැනුණේ අකුරැස්ස පොලිසිය හා නාවික හමුදාව සිරුර සොයා ගැනීමට දැරූ මහත් පරිශ්‍රමයේ ප්‍රතිපලයක් ලෙසටයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button