පළකල දිනය : Sat, Aug 26th, 2017

කෙල පෙරාගෙන බලන් ඉන්න “මයිලෝ අයිස්ක්‍රීම්” වල ඇත්ත කතාව මෙන්න

නෙස්ලේ සමාගමට අයත් “මයිලෝ” සන්නාමය යටතේ එන කිරි පැකට්ටුව ලංකාවේ තරුණ තරුණියන් අතර ජනප්‍රිය පානයක්. එම සන්නාමය යටතේම අයිස් ක්‍රීම් ඇති බවට ෆේස්බුක් සමාජජාලය හරහා ප්‍රසිද්ධ වීමත් සමඟ බොහෝ දෙනෙකු ඒ සඳහා ඉතා කැමැත්තෙන් සිටින බවට දක්නට ලැබෙනවා.

නමුත් තවමත් මෙම මයිලෝ අයිස්ක්‍රීම් ලංකා වෙළදපොළට පැමිණ නෑ. එහෙත් ආසියාතික රටවල් කිහිපයක ( තායිලන්තය ) මෙම අයිස්ක්‍රීම් වර්ගය වෙළදපොලේ පවතින බව වාර්තා වේ.

තවමත් මෙම නිශ්පාදනය ශ්‍රී ලංකා වෙළදපොළට ඉදිරිපත් කිරීමට නෙස්ලේ ලංකා සමාගම සූදානම් නැති බව වාර්තා වුවද හදිසියේම මෙලෙස මයිලෝ අයිස්ක්‍රීම් ගැන සමාජයේ විශාල කතාබහට ලක්වීම පිටුපස ඇත්තේ නුදුරේදීම වෙළදපොළට එන මයිලෝ අයිස්ක්‍රීම් සඳහා සිදුකෙරෙන මහා පරිමාණ අලෙවිකරණ වැඩසටහනක් බවත් බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

කෙසේ වුවද ඒ අයිස්ක්‍රීම් වර්ගය ලංකාවට එන තුරු ඉවසීමට බැරි හිට් ගොසිප් පාඨකයින් වෙත මයිලෝ අයිස්ක්‍රීම් සාදා ගන්නා ආකාරය කියාදීමට අප සූදානම් පහත වීඩියෝව නරඹා අතහදා බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button