පළකල දිනය : Wed, Aug 30th, 2017

හැමෝම හොල්මන් වූ සුපිරි මල්ලවපොර ශූර කොනර් පෙන්වූ සතියේ අදායම !

කොනර් මැග්ග්‍රෙගර් යනු ලොව ජනප්‍රියතම හා දක්ෂතම මල්ලව පොර ශූරයෙකි.

පසුගිය දිනෙක ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැති ශතවර්ෂයේ බොක්ෂිං තරගය ලෙස හැදින්වූ බොක්ෂිං තරගයෙන් ලෝක බොක්ෂිං ශූර ෆ්ලොයිඩ් මේවෙදර් හමුවේ පරාජයට පත් වුවද ඉන් ඔහු ඉපැයු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට අධික‍යි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් යනු ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටී 1,550ක පමණ මුදලක්.
 
එක දිනකින් ඔහු ඉපැයූ මුදල ශ්‍රී ලංකාවේ මුදලින් කෝටී 1,550ක් වීම තුලින් මෙම තරගය කොපමණ ජනතා ආකර්ෂණය දිනා ගත්තාදැයි සිතා ගත හැක.

කිසිදිනෙක බොක්ෂිං ක්‍රිඩා කර නොතිබු මල්ලවපොර ශූරයා මෙම තරගයට සිය කැමැත්ත ලබා දුන්නේද ඉන් ලැබෙනා මුදල් සම්භාරය නිසා බවද කියවුනා.

කෙසේ වෙතත් ෆ්ලොයිඩ් මේවෙදර් වැනි බොක්ෂිං ලොවේ දැවැන්තයෙක් සමග දින කිහිපයක පුහුණුවකින් වට දහයක් ක්‍රීඩා කිරීමට තරම් කොනර් මැග්ග්‍රෙගර් අධිෂ්ඨානශීලී වූ බව ක්‍රීඩා ව්චාරකයන් අදහස් දක්වා තිබුනා.

තරගයට පෙරද ලොව වැඩිපුරම ආදාය ලබනා ක්‍රීඩා තරු අතර වැජඹුනු මැග්ග්‍රෙගර් තමන් ඉපැයු මුදල් සමග ඡායාරූපයක් ලබා ගෙන එය සිය නිළ ෆේස්බුක් පිටුවට එක්කර ඇති මැග් ග්‍රෙගර් පවසා තිබුනේ මේ තමන්ගේ සතියක ආදායම බවයි.

එම ඡායාරූපයේ සිය සේප්පුව අසල සිටිනා කෝනර්, ඩොලර් මිටි බැද මීටරයකටත් වඩා උසට ඒවා අසුරා තිබෙනු දැකගත හැකියි.

එම ඡායාරූපය පහතින්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button