පළකල දිනය : Wed, Sep 6th, 2017

ගෑස් සිලින්ඩරයක් පිපිරිමෙන් තුවාල ලැබූ ගීතා වෙනුවෙන් කළ බෝධි පුජාව

ඊයේ රාත්‍රියේ බෙල්ලන්විල විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාද මැද බෝධි පුජාව සිදු කෙරුණි.

හෙළ සිනමාවේ නිළි රැජිණ මාලිනි ෆොන්සේකා සහ ජීවන් සහ ෂෙරීන් කුමාරණතුංග ගේ ප්‍රධානත්වයෙන් පැවතී මෙම බෝධි පුජාවට බොහෝ නළු නිළියන් සහභාගී වුවා.

ගීතා අක්කාගේ සොයුරියන් තිදෙනාත් මීට සහභාගී වූ අතර ගීතා අක්කාට සහ ෂෙරීන්ගේ පියාණන් වන පියසේන සේනාරත්න මහතාටද සෙත් පතනු ලැබුවා.

මේ පින් මහිමයෙන් ගීතා අක්කාට සහ සේනාරත්න මහතාට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා.

ආශිර්වාද කළ සැමට තෙරුවන් සරණයි.

මේ අවස්ථාවේ ජායාරුප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button