පළකල දිනය : Wed, Sep 6th, 2017

යාලේ අර්ජුනගේ ලිංගය කිඹුලෙක් ඩැහැගෙන !

ලංකාවේ දැනට සිටින දිගම දළ පූට්ටු ඇතුන් දෙදෙනාගෙන් එකකු වන ‘අර්ජුන’ නමින් ප්‍රකට සද්දන්තයාගේ ලිංගේන්ද්‍රයෙන් කොටසක් ඊයේ (5දා) දහවල් කිඹුලකු විසින් කඩා ගැනීම හේතුවෙන් එම ඇතා ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙයි.

අර්ජුන නමැති මෙම සද්දන්ත ඇතා ඊයේ දහවල් යාල ජාතික වන උද්‍යානයේ සිතුල්පව්ව අසල වැවකට බසිද්දී එම අනතුර සිදුවී ඇත.

ඇතකුගේ හෝ අලියකුගේ ලිංගේන්ද්‍රයෙන් කොටසක් කිඹුලකු විසින් කඩා ගැනීමේ සිදුවීමක් මින් පෙර වාර්තා වී නොමැති බව ජේ‍යෂ්ඨ වනජීවී නිලධාරියෙක් පැවැසීය.

රුධිර වහනය සමඟින් අධික වේදනාව හේතුවෙන් ඇතා කැලෑව බිඳගෙන හිස හැරුණු අතේ දුවමින් සිටින බව නිලධාරිහු කියා සිටිති.

උෟව වනජීවී කලාපය භාර ජේ‍යෂ්ඨ පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම් දෙකක් ඇතා සොයා ප්‍රතිකාර කිරීම සඳහා පිටත්ව ගිය බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මුලාශ්‍රය – මව්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button