පළකල දිනය : Fri, Sep 8th, 2017

රනිල් – මහින්ද සාකච්ඡා සාර්ථකයි. ලලිත්,අනුෂ බන්ධනාගාර රෝහලට !

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ අනූෂ පැල්පිට දෙදෙනා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට මේවනවිට කටයුතු යොදා ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

බන්ධනාගාර ‍රෝහලේ වෛද්‍යවරියක් ඊට මුලිකත්වය ගෙන ඇති බවත් ලලිත් අනුෂ දෙදෙනා මේවනවිට වැලිකඩ ‘කේ‘ වාට්ටුවෙහි රඳවා ඇති අතර එහි ඩිස්පෙන්සරියක් ඇති බවත් එම වාර්තාවල වැඩි දුරටත් සඳහන් වෙනවා.

මෙම ඩිස්පෙන්සරිය භාරව ඊයේ සවස 6.00 දක්වා කටයුතු කර ඇත්තේ වෛද්‍ය කණ්නබ්බි මහතා වන අතර සවස 6.00 සිට ඉදිරියට වෛද්‍ය සන්ධ්‍යා මහත්මිය වැඩබාර ගෙන තිබෙනවා එහෙත්, බන්ධනාගාර නිලධාරීන් ලලිත් – අනුෂ දෙදෙනා එම වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කර නොතිබිණ.

ඒ අතර වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය නව සිරකරුවන් දෙදෙනා හමුවීමට ගොස් ඔවුන් දෙදෙනා පරීක්ෂා කර බලා ඔවුන් බරපතල දියවැඩියාව රෝගීන් හෙයින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිර්දේශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂය හදිසියේ රනිල්ව හමුවෙයි..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ හදිසි සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ දී සිදුවුණා.

පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡා පැවැත්වී තිබෙන අතර ඊට ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණි ලොකුගේ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබෙනවා.

අභියාචනයකට සැරසෙති..!

මේඅතර තමන් වැරදි කරුවන් කරමින් අධිකරණය විසින් ලබාදුන් නියෝගයට එරෙහිව අභියාචයක් ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා කටයුතු කරමින් සිටිති.

විත්තිකරුවන් අදාළ චෝදනාවන්ට වරදකරුවන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔවුන්ට දඬුවම් නියම කළ අවස්ථාවේදීම මෙම තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා දැනුම් දුන්නේය.

අදාළ අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩු තීන්දුව තමන්ට අවශ්‍ය බව දැනුම් දුන් ඉන්දතිස්ස මහතා නඩු තීන්දුවේ සහතික කරන ලද පිටපතක් තමන්ට අදාළ ගාස්තුවට යටත්ව නිකුත් කරන ලෙස ඉල්ලීමක්ද කළේය. තීන්දුවේ මුද්‍රණ දෝෂ නිවැරදි කොට හෙට දිනයේදී තීන්දුවේ පිටපතක් නිකුත් කළ හැකි බව දැනුම් දුන් විනිසුරුවරයා ඒ සදහා හෙට දිනයේ ඉල්ලීමක් කරන ලෙස දැනුම් දුන්නේය.

තීන්දුව දැන ගන්න දේශපාලකයන් නෑ ඥාතීන් පමණයි..!

හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ‍ජනරාල් අනූෂ පැල්පිට යන අයට එරෙහි සිල්රෙදි නඩු‍ෙව් තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාව දැක බලා ගැනීමට ඔවුන්ගේ ඥාති හිතවතුන් හැර කිසිදු දේශපාලනඥයකු අධිකරණ භූමියට ඊයේ (7) පැමිණ සිටියේ නැත.

මෙම නඩුව විභාගයට ගත් මුල් අවස්ථාවේ විත්තිකරුවනට සහාය දැක්වීමේ අටියෙන් අධිකරණයට පැමිණි දේශපාලනඥයෝ කිසිවෙක් ඔවුන්ට එරෙහි තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ අධිකරණයට නොපැමිණීම සම්බන්ධව අධිකරණ භූමියේ සිටි පිරිස්ගේ කතාබහට ලක්විණි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button