පළකල දිනය : Tue, Sep 12th, 2017

අපේ මිනිස්සු තාම හැදිලා නැති ළිං ගෙම්බෝ කියලා තමයි මට නම් හිතෙන්නේ

ගායනයෙන් නර්තනයෙන් වගේම රංගන හැකියාවෙනුත් රසිකයින් පිනවූ කලා ශිල්පියෙක් තමයි සුරේෂ් ගමගේ කියන්නේ.

සුරේෂ් මේ දවස් වල අලුත්ම වැඩකට සූදානම් වෙනවා කියලා පුවත්පතකට කියලා තිබුණා.

සුරේෂගේ අලුත්ම වැඩේ එසේ මෙසේ එකක් නම් නෙමෙයි.ලංකාවේ වැඩිම වියදමක් දරලා හදපු මියුසික් වීඩියෝව මේක කියලා තමයි සුරේෂ් කියන්නේ.

බදුල්ලේ නමුණුකුල මීටර් හතක් අටක් විතර උස කන්දක අතිශය දුෂ්කර මෙහෙයුමක් දියත් කරලා මේ සින්දුව ෂුට් කලා කියලා සුරේෂ් කියනවා.මේ සාකච්ඡාවෙදි සුරේෂ් තවත් ආන්දෝලනාත්මක අදහස් කිහිපයක් මතුකර තිබුණා.

සුරේෂ් චිත්‍රපට කීපයක විතර රඟපෑවද?
චිත්‍රපට 20ක් විතර රඟපෑවා,ප්‍රධාන චරිතය රඟපාලා තියනවා.ටෙලිනාට්‍ය 15ක් පමණ කළා.

ඔය අතරේ සිනමාව ඇතුළේ වීරයෙක් වෙන්න දැඟලුවා නේද?
දඟලන්න දෙයක් නෑ නිකම්ම වීරයෙක් වීගෙන ආවා.නමුත් සිනමාවේ තියන කල්ලිවාදය කියන කාලකණ්නි එකමුතුව නිසා අපේ ගමනට දැල් වැටුණා.නමුත් මොන දැල් වැටුණත් ඒ දැල් ඉරාගෙන අපි අපේ ගමන යනවා.

අධ්‍යක්ෂවරයෙක්ගේ භූමිකාව ගැන තෘප්තිමත්ද?
අපේ දක්ෂතා වලට දැන් ඉන්න අධ්‍යක්ෂකවරු පවා ඉතා සියුම් ලෙස කුහකකම් කරනවා.ඊර්ෂ්‍යා සහගතව වැඩකරනවා.

හිත රිදිලද?
ඉස්සර හිටපු අධ්‍යක්ෂකවරු නලුවෙක්ගේ ලස්සන,දක්ෂතාව ආදිය දැක්කම හොයාගෙන ඇවිත් වැඩ ගන්නවා.ඒකට අද ඉන්න අධ්‍යක්ෂකවරු නිළියන් එක්ක වැඩිපුර ගැවසෙනකොට,කතාබහ කරනකොට,ඉවසන්න බැරිව කුහකකම් කරනවා.සියුම් ලෙස ගමන නවත්වන්න හදනවා.හැබැයි එයා දන්නෑ ඒ වැඩෙන් නලුවත් විනාශවෙලා තමනුත් විනාශවෙන බව.

කාලයක් වැඩිහිටයන්ට පහණයි රැල්ල පැත්තටත් ගහගෙන ගියා නේද?
ලංකාව කියන්නේ රැලි රටක්.කාලෙන් කාලෙට රැලි එනවා.ළමා රැලි,කොමඩි රැලි,රජ රැලි,ඉතින් අපිත් ඔය මොකක් හරි රැල්ලකට අහුවෙලා ගහගෙන යනවා.මොනවා කරන්නද?

ආදරවන්තයෙක් වෙන එක කල් දැම්මද?
ජීවිතය බෙදාගන්න කවුරු හරි ඉන්න ඕන.ඒකට බලද මහලුද වැඩිහිටද කියන එක අදාළ නෑ.ආදරේ විතරයි වැදගත් වෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ.

සම්භාව්‍ය මට්ටමේ සිනමා නිර්මණයක පූර්ණ නිරුවත් දර්ශණයකට පෙනී ඉන්න ආරාධනවාක් ලැබුණොත් භාර ගන්නවද?
මෙහෙමයි ‘පටාචාරා‘ කරන්න කිව්වොත් ඒක ඒ විදියට සජීවීව කරන්න වෙනවානේ.කාතාවේ තේමාවට ඒක අවශ්‍ය නම්මම අනිවෙර්යෙන්ම භාර ගන්නවා.අවුට් ෆිට් එක හරියට දෙන එක තමයි නලුවෙකුගේ ප්‍රධාන වගකීම.

එහෙම දේවල් අපේ සංස්කෘතියට ගැළපෙයිද?
මේ මොකද්ද ඔය කියන බොරු සංස්කෘතිය..ඉතිහාසයේ ඉඳන්ම රජවරු අන්තංපුර තියාගෙන හිටියා නම් මොන සදාචාරයක්ද අනේ ඔය කතා කරන්නේ.අපේ මිනිස්සු තමා හැදිලා නැති ළිං ගෙම්බෝ කියලා තමයි මට නම් හිතෙන්නේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button