පළකල දිනය : Tue, Sep 12th, 2017

සළාද කොළ වෙනුවට ගොටු කොළ දාපු පොලොස් බර්ගර් එක මෙන්න

බටහිර රටවලින් මෙරටට පැමිණි ආහාර අතර “බර්ගර්” වලට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. ක්ෂණික ආහාර යටතට වැටෙන බර්ගර් යුරෝපීය රටවල අඩු වියදම් දුප්පත් ආහාරයක් වුවත්, ශ්‍රී ලංකාවේදී “පොෂ්” කෑමක්.

විදේශීය ආහාර වලට දේශීය පෙනුමක් ලබාදීම බොහෝ දෙනෙකුගේ විනෝදාංශයක්. පසුගිය දිනක සාම්ප්‍රදායික විදේශීය “බර්ගර්” ආහාරයට නව දේශීය ස්වරූපයක් ලබාදීමට දැරූ උත්සාහයක් ටුවිටර් සමාජජාලය තුල දක්නට ලැබුනා.

සාමාන්‍ය බර්ගර් බනිස් තුල පොලොස් කෑලි සහ අලිපේර කැබැලි තබා සකස් කල මෙම බර්ගර් බනිසයේ, සළාද කොළ වෙනුවට ගොටු කොල යොදා තිබේ.

පෙනුමෙන් ඉතා රසවත් මෙම දෙමුහුන් බර්ගර් වර්ගය ඔබටත් නිවසේදී අත්හදා බැලිය හැකියි.

බොහෝ විට මෙය ලංකාවේ ක්‍රියාත්මක බර්ගර් සදහාම විශේෂිත ආහාර අලෙවිසල් විසින් ළගදීම සිය පාරිභෝගිකයින් වෙත ලබාදෙනු ඇත.

අලුත් “පොලොස් බර්ගර්” බනිසයේ ජායාරූප කිහිපයක් ඔබට පහතින් නැරඹිය හැක.

Photo Credit – Colombo Favourites

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button