පළකල දිනය : Fri, Sep 15th, 2017

කටට රහට කෑම දෙන මාතර බත් කඩ ගැන නොදන්නා තොරතුරු මෙන්න

ගමෙන් කොළඹට ආවම ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කටට රහට හරි හමන් කෑමක් කන්න තැනක් නැති එක.රහට කෑම තියෙන ගොඩක් ලොකු ලොකු හෝටල් වල මිල ගණන් එහෙමත් හරිම “ලොකුයි”.ඒ හින්දා පුලුවන් තරම් බලන්නේ පසුම්බියටත් වාසි ඇඟටත් ගුණදායක කෑමක් කන්න.එහෙම අයට හිතේ හැටියට කන්න තියෙන තැන් අතරින් “මාතර බත් කඩ”ඉදිරියෙන්ම ඉන්නවා.

කොළඹ වටේ කරක් ගහද්දි ඔනෑම ටවුන් එකක වගේ මාතර බත් කඩයක් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. පොඩි ඉඩක වාඩි වෙන්නත් පුටු දෙක තුනක් තියාගෙන මාතර බත් කඩ කරන උදවියගේ ජීවිතේ “මාතර බත් කඩේ” තරමටම රහ නෑ.

දකුණෙන් ඇවිල්ලා ජීවිතය ජය ගන්න ඒ උදවිය ගොඩක් දුක් මහන්සි වෙනවා…..

මේ මාතර බත් කඩවලටම වෙන්වුනු විශේෂතා කිහිපයක්ම තියෙනවා.ඒ උදවියගේ දියුණුවේ එක රහසක් තමයි කටට රහට සැරට බඩ පිරෙන්න කන්න දෙන එක.ඒ වගේම තමයි බිත්තියටම සවි කරපු ලෑල්ලක තමයි කෑම ජාති අසුරපු ලොකු මුට්ටි තියෙන්නේ.

මාළු ඇඹුල් තියල් වගේම උණු උණු පරිප්පු හොද්ද සහ සැරට තියෙන පොල් සම්බෝලෙත් මාතර බත් කඩේක වරදින්නේ නැහැ.ඒ වගේමයි පලා මැල්ලුමක් සහ පොළොස් ඇඹුලක් බොහෝ වෙලාවට දවල් කෑමට තියෙනවා.

මේ කඩවල තියෙන තවත් විශේෂත්වයක් තමයි කෑම පැකට් එකක මිල අඩුවීම.බොහෝ විට උදේ එළවළු කෑම එකක මිල රුපියල් 50-60 ක් වන අතර දවල් කෑම එකක් රුපියල් 100-150 ක වගේ මිලකට ගන්න පුලුවන්.

ඉස්සර මාතර බත් කඩ කරේ මාතර උදවිය වුනාට අදනම් රටේ අනිත් අයත් මාතර බත් කඩ පටන් අරගෙන තියෙනවා හඳට ගියත් මාතර බත් කඩයක් හොයාගන්න පුලුවන් වෙන්නේ ඒ නිසයි.හැබැයි ඉතින් රට වටේ තියෙන ඕනෑම මාතර බත් කඩයක මේ කෑම ජාතිනම් වරදින්නෙම නැහැ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button