පළකල දිනය : Fri, Sep 15th, 2017

දරුණු රෝගයෙන් මිදෙන්නට ගායිකා සෙලීනා ගෝමස්ට හොඳම මිතුරිය වකුගඩුව දන් දෙයි

කෙටි කාලයකින් මුළු ලෝකයේම අවධානය දිනාගත් සුරූපී දක්ෂ ගායිකාවක් මෙන්ම නිළියක්ද වන සෙලීනා ගෝමස් ගැන තරමක කණගාටුදායක පුවතක් වාර්තා වුණා.

කලක පටන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගයකින් පෙලුණු සෙලීනාට පසුගියදා වකුගඩුවක්ද බද්ද කිරීමට සිදුව තිබෙනවා.

25 හැවිරිදි වියේ පසුවන සෙලීනාට වකුගඩුවක් දීම සඳහා ඉදිරිපත්ව තිබුණේ ඇගේ හොඳම මිතුරිය.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් විසින් සෙලීනාට සාර්ථකව මේ වකුගඩු බද්දය සිදු කිරීමට සමත්ව තිබුණා.

පසුව යම් තරමක සුවයක් ලැබූ සෙලීනා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයක්ද පළ කර තිබුණේ තමන්ට උදව් කළ අයට සහ ඇය වෙනුවෙන් දුක්වුණු රසික රසිකාවින්ට ස්තූතිය පළකරමින්.

ඡායාරූප පහතින්…

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button