පළකල දිනය : Sat, Sep 16th, 2017

“අවසාන ප්‍රේමය” කියා ජනප්‍රිය වූ ඕෂනිට ඩිලාන් ගමගේගෙන් දොස්මුරයක් !

කලකට ඉහතදී උපකාරක පන්තියක “අවසාන ප්‍රේමයයි මාගේ” ගීතය ගායනා කර සමාජජාල තුල විශාල ජනප්‍රියත්වයක් දිනාගත් ඕෂනි සන්දීපාගේ ක්‍රියාකලාපය පිළිබඳව නව පරපුරේ ජනප්‍රිය ගී පද රචකයෙකු වන ඩිලාන් ගමගේ මහතා විසින් අද ෆේස්බුක් සමාජජාලය ඔස්සේ විවෙචනයක් එල්ල කරනු ලැබුවා.
 

ඕෂනි සන්දීපාගේ ආන්දෝලනාත්මක පුවත් පත් වර්තාව පහතින්..

ඊර්ෂ්‍යාවට කියන කතා ගැන මං හිතන්නේ නෑ,කවුරුත් නොදැකපු වෙනස් දෙයක් කරන්න තමයි සූදානම් වෙන්නේ – ඔෂානි සංදීපා

“අවසාන ප්‍රේමයේ කඳුළේ” ගීතයෙන් ලංකාවම හඳුනාගත් ගායිකාවක් තමයි ඔෂානි සංදීපා. දෙරණ ලිට්ල් ස්ටාර් හරහා ද තම ගායන හැකියාව පෙන්වූ ඔෂානි මේ වෙනකාට ප්‍රසංග වේදිකාව ද ජයගෙන තිබෙනවා. ඔෂානිට ආදරය කරන ඔබ වෙනුවෙන් අපි ඇයට ඇපල්වත්තට කතා කළෙමු.

ඔෂානි කොහොමද මේ දවස්වල අධ්‍යාපන කටයුතු?
ම්.. හොඳින් කෙරෙනවා. ලබන අවුරුදදේ මම A/L කරන්නේ. කලා අංශයෙන් තමයි හදාරන්නේ. ඉතින් ඒ වැඩ ටිකත් කරගෙන Music වැඩ ටිකත් Balance කරගෙන කරන් යනවා.

අලුත් ගීතයක් කළේ නැද්ද? නැත්නම් තාම සූදානමක් නැද්ද අලුත් ගීතයකට?
සුදානමින් ඉන්නේ. ලංකාවෙ ඉතින් එක එක Trend හැදිලා තියෙනවා. මම වෙනසක් සහිත ගීතයක් කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. බලමු. කවුරුත් නොදැකපු වෙනස් දෙයක් කරන්න තමයි සූදානම් වෙන්නේ.
 
Littel Star හරහානේ ඔයා ගායන දිවියට එන්නේ. ඒ අතීතය මතක් කරමු ද?
මම පොඩි කාලේ තමයි Littel Star තරගෙට ගියේ. මම ඒ තරගෙට යද්දි අවුරුදු 12යි. ඉතින් ඒ තරගය මගේ ජීවිතේ හුඟාක් ලොකු මතකයක්. ඒ තරගයෙන් පස්සේ ගීතයක් එළියට දාන්න ඉද්දි තමයි Class එකේදි කරපු වීඩියෝ එක ජනප්‍රිය වුණේ. සමහරු දන්නේ නෑ මම දෙරණ Littel Star හරහා ආපු කෙනෙක් කියලා.

ඔයා ගැන හුඟාක් කතාබහ කරන්න පටන්ගත්තේ Cover Version එකකින් නේද?
ඔව්. මමClass එකේදි Sing කළාට පස්සේ මට කතා කරා ඒ සිංදුව ලියපු අයියා සහ Melody එක කරපු අයියා. එයාලා Invite කරා ඒ ගීතයේ Reply Version එක කරන්න එන්න කියලා. Agreement මුකුත් නැතිව මම ඒ ගීතය කළා.

කොහොමද ඉතින් මේ දවස්වල ජීවිතය ගතවෙන්නේ?

Show වලට යන එක පොඩ්ඩක් අඩුයි. මොකද මගේExam එකේ වැඩ නිසා. ඒවත් එක්ක Balance කරගෙන යනවා. මගේ Concert එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතිං ඒ වැඩ එක්ක තමයි ජීවිතය ගෙවෙන්නේ.

ඔෂානි Social Media වල Live එන්නේ Hit වෙන්න ද?
නෑ කොහෙත්ම නෑ. මම FB Live එන්නෙම නැති තරම්. මගේ නමින් Fake pages, Fake Accounts තියෙනවා. ඒවා ගැන දැනුවත් කරන්න හෝ වැදගත් පණිවිඩයක් තියෙනව නම් දෙන්න තමයි මම Live එන්නේ. සතියකට එක පාරක් වගේ තමයි ඒකත් කරන්නේ. අනික FB ඇවිල්ලා එහෙම Hit වෙන්න උවමනාවක් නැහැ.

ඔයා ලබාගෙන තියෙන ජනප්‍රියතාවය ගැන පවුලේ අය මොකද කියන්නේ?
ඇත්තටම මගේ තාත්තයි අම්මියි ගොඩක් සතුටු වෙනවා ඒ ගැන. ඒ වගේම මගේ නංගී. ඒ හැමෝම මං ගැන සතුටු වෙනවා. Hit වෙන්න ගොඩක් අය Try කරනවා. නමුත් මගේ කිසිම උත්සාහයකින් තොරව මගේ සිංදුවලට ආස කරන මිනිස්සු මාව Hit කළා. ඒකට එයාලට Thanks කරන්න ඕනි.
 
පාසලේ යාළුවන්ගේ ප්‍රතිචාරය මොන වගේ ද?
පාසලේ යාළුවන්ව නිතර මුණ ගැහෙන්නේ නෑ. මොකද A/L Class කරන්නෙ ගෙදරමයි දැන්. මං ටිකක් කාර්යබහුල නිසා එයාලත් එක්ක නිතරම ඉන්න ලැබෙන්නෙත් නෑ. මම හරිම විනෝදකාමී චරිතයක්. යාළුවොත් එක්ක ඉද්දි හරි විනෝදයෙන් ඉන්නේ.

කවුරු හරි චෝදනා කළොත් ඔෂානි දැන් ආඩම්බරයි. ඔෂානිට දැන් මුල අමතක වෙලා කියලා. ඒකට ඔෂානි දෙන උත්තරය මොකක්ද?
මම දෙන උත්තරේ තමයි, ඒ කිසිම කෙනෙක් මම දැකල මා එක්ක කතාබහ කරල නෙමෙයි ඒ චෝදනාව කරන්නේ. එයාලට මට කියන්න තියෙන්නේ මට එයාල ගැන දුකයි කියලා. මොකද මගේ වටේ ඉන්න අයගෙන් එයාලට අහල බලන්න කියන්න මම වෙනද හිටපු කෙනාටත් වඩා සුහදශීලී වෙලා තියෙනවා.

හේතුව යම්කිසි තැනකට ගියාට පස්සේ අපි දිහා කලින් බැලුවට වඩා දැන් බලනවා වැඩියි. ඉතින් අපි දැනගන්න ඕනි ඒ හැම කෙනෙක් එක්කම සුහදශීලීව ඉන්න. ඒක පොඩි මඩක් කියලා හිතනවා විතරයි. ඒ අය මං ගැන දැනගෙන නෙමෙයි කතා කරන්නේ.

මේ ගමන එන්න අත දීපු අය ගැනත් අපි මතක් කරමු?
මම මුලින්ම ගීතයක් ගායනා කරද්දි වීඩියෝ කරලා දැම්ම මට B.C උගන්නපු සර්ව මතක් කරන්න ඕනි.

ඒ සර් මට Sing කරන්න කියලා Video එකක් ගත්තේ නැත්නම් අද මම මෙහෙම Hitවෙන්නේ නෑ. ඉතින් සර්ට මම ඉස්සෙල්ලම ස්තූති කරනවා.

ඒ වගේම මගේ අම්මට තාත්තට ස්තූති කරන්න ඕනි. ඒ වගේම මගේ සංගීත ගුරුවරියට ස්තූති කරන්න ඕනි. මට Sing කරන්න පුළුවන් වුණේ එයාලා නිසා. ඉතින් එයාලට ගොඩක් ස්තූති කරන්න ඕනි.

  • 3.4K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button