පළකල දිනය : Tue, Sep 19th, 2017

ගොයම් කපනා යන්ත්‍රයට හසු වූ ගැබ්බර බැල්ලගේ දිවි රැක දුන් උතුම් මිනිස්සු

දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ ‍ගොයම් කපනා යන්ත්‍රයකට හසුව ඉදිරිපස පාද සහ පිටුපස පාදයක් කැපී ගිය ගැබ්බර බැල්ලක් පිළිබද සංවේදී පුවතක් පසුගිය දිනවල වාර්තා වුනා.

මිය යාමට සිටි මෙම අසරණ සතාට මූලීක ප්‍රතිකාර ලබා දී තිබුනේ සත්ව ප්‍රථිකාර සිදු කරනා ධම්මික බණ්ඩාර අමරසිංහ නම් තරුණයෙක්.

ඔහු විසින් මෙම ගැබ්බර බැල්ල සොයා ගෙන ගොස් මිය යාමට නොදි ප්‍රථිකාර කර තිබුනා.
 
එම මුලීක ප්‍රථිකාර වලින් පසුව පාද කැපී ගොස් සිටි අසරණ සත්වයා අහංගම පිහිටි Animal SOS ආයතනයට බාරදීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.

පාද කැපී අසරණව සිටි බැල්ල වෙනුවෙන්ම පොළොන්නරුවේ සිටි කිලෝමීටර 350ක දුරක් ගෙවාගෙන ඔවුන් මෙලෙස අහංගමට පැමිණ තිබුනා. අසරණ සතෙකුගේ ජීවිතය ‍රැක දීම වෙනුවෙන්

මෙලෙස සිය කාලය , ශ්‍රම‍ය හා ධනය වැය කළ උතුම් මිනිසුන් සියලු දෙනාට ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියෙන් දැඩි සේ ප්‍රශංසා ලැබී තිබුනා.

එම අවස්තාවේ විඩීයෝ සහ ඡායාරූප පහතින්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button