පළකල දිනය : Wed, Sep 20th, 2017

බෙලිඅත්ත පොලීසියේ නිල් චිත්‍රපට විප්ලවය ගැන ලියූ මාධ්‍යවේදිනියට වෙච්ච දේ

නිවසේ ඇදක් මත අසභ්‍ය දර්ශණ සහිත වීඩියෝ නරඹමින් සිටියදී බෙලිඅත්ත පොලීසිය විසින් බෙලිඅත්ත සිටිනාමලුව, විරිත්තමුල්ල ප්‍රදේශයේ නිවසක් වටලා 21 හැවරිදි තරුණියක් සහ 24 හැවරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් පුවත ඊයේ(19) ලංකාදීප පුවත්පතේ පළවී තිබුනු අතර මේ වනවිට එය සමාජජාල තුල දැඩි විවේචනයට ලක්ව තිබේ.

පුද්ගල නිදහස සහ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් විශාල වශයෙන් කතාබහට ලක්වන සමයක තංගල්ල පොලීසියේ මෙම ක්‍රියාව ඉතා මෝඩ, පහත් ක්‍රියාවක් බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

වයස අවුරුදු 18 සම්පූරණ වූ ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් බැලීමට හෝ තමන් කැමති පුද්ගලයෙකු සමඟ දෙපාඅර්ශවයෙම කැමැත්තෙන් ලිංගිකව එක්වීමේ අයිතිය තිබිය යුතුය.

මේ අතර ලංකාදීප පුවත්පතට මෙම පුවත වාර්තා කල අනීශා සදමාලි මානගේ නමැති ප්‍රාදේශීය වාර්තාකාරිණියට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ඇගේ ෆේස්බුක් ගිණුම මේ වනවිට බොහෝ දෙනෙකුගේ විවේචනාත්මක කමෙන්ටු තුලින් පිරි ගොස් ඇති අතර ලිංගික කුහකත්වය සහ ලිංගික අසහනය හේතුවෙන් මෙම ප්‍රවෘත්තිය ලියා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

එම කමෙන්ටු ඔබට පහතින් දැකගත හැක.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button