පළකල දිනය : Thu, Sep 21st, 2017

ඉතාලි ගිය ලංකාවේ තරුණයෙක් පිස්තෝල අරගෙන රටේ නමත් කෑව හැටි

ඉතාලියේ දුම්රිය පලක් අසළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු අතර සිදුවූ ගැටුමක් පිළිබඳ තොරතුරු වාර්තාවෙයි.

සිද්ධිය වී ඇත්තේ ඉතාලියේ පොටෝ නුවෝවා දුම්රිය ස්ථානය අසළදීය.

මෙහිදී එක් තරුණයෙකු විසින් අනෙකු තරුණයාට බිම දමාගෙන පහරදෙන අයුරු දැකගත හැකි අතර පසුව පිස්තෝලයක් එළියට ගෙන ඔහුට තර්ජනය කරන අයුරුද දැකගන්නට ලැබේ.
 
අදාළ තරුණයා පසුව එරට පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පරීක්ෂණ වලදි හෙලිව ඇත්තේ එය සෙල්ලම් පිස්තෝලයක් බවය.

මෙම තරුණයා මානසික ආබාධ තත්වයකින් පෙලෙන්නෙකු බවද තතු දන්නෝ පවසයි.

කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් නිසා හානි වන්නේ ශ්‍රී ලංකා නාමයට බව ඉතාලියේ වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ අදහසවී තිබේ.

සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button