පළකල දිනය : Fri, Sep 22nd, 2017

වැලිපැන්නේ Digital හොරාට ලැබිච්ච පරණකාලේ දඩුවම !

වැලිපැන්න උඩවෙල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී ජංගම දුරකථන තුනක් හා ටැබ් යන්ත්‍රයක් සොරාගෙන පලායාමට උත්සහ කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් එකතුව අල්ලා ගස් බැදිමේ සිදුවීමක් දුම්මලසුරිය පොලිස් වසමෙන් වාර්තා වෙනවා.

සැකකරු නිවසට ඇතුළු වන අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති අතර නිවැසියන් නිවසට පැමිණ දොර ඇර දමා තිබීම පිළිබද සැක සිති ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ ප්‍රතිපලයක් ලෙස මේ සොරා අල්ලා ගෙන ඇත.

මේ පුද්ගලයා දුම්මලසුරිය ප්‍රදේශයේම කොහු මෝලක සේවය කර ඇති අතර තදින් මතට ඇබ්බැහිවුවෙකු බව වාර්තා වේ.

දුම්මලසුරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Source – RajaGossip

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button