පළකල දිනය : Fri, Sep 22nd, 2017

රවීන්ට සුමති සම්මානය අහිමි කලාද ?

රවීන් කණිෂ්ක එහෙමත් නැත්නම් දෙවෙනි ඉනිමේ අනුහස් කියලා කිව්වම නොදන්න කවුරුත් නෑනේ.

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් තම ගමන් මග විවර කරගත් රවීන් මේවනවිට මේ රටේ ජනප්‍රියම නළුවන් අතර ඉදිරියෙන් සිටිනවා.

ඉතින් රවීන් කණිෂ්ක ගැන දෙවෙනි ඉනිම රචක සමන් එදිරිමුණි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා.

මේ එම සටහනයි…

රවීන් කනිෂ්ක සහෝදරයාව මම මුලින්ම හඳුනාගන්නෙ FM දෙරණ සේයා ගුවන් විදුලි නාට්‍යය මා ලියූ ගීතයක් ගායනා කිරීම හරහායි.

මගේ තනිකම මට වතාවක්
කියයි මා නොඇසූ කතාවක්…
මගේ තනිකම මට වතාවක්….
කියයි මා නොපැතූ කතාවක්…
අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නේ නෑ….
ඔබ මගේ හිත ළගින් උන්නත් මගේ වෙන්නේ නෑ….

ගීතය ඇසූ මොහොතේ මට දැණුනේ ගීතය ලියද්දි දැනුණ හැගීමය. ගීතය ලියු තැනැත්තාට ගීතය දැනෙන්නේ කලාතුරකිනි.

එයට ගීතයේ තනුව සහ ගායනය සෘජුවම සම්බන්ධ වෙයි. අප දුරකතනයෙන් කතා කොට තිබුණද දෙවෙනි ඉනිමේ අනුහස් වන තුරාවට අප එකිනෙකා හමු නොතිබිණ. දෙවෙනි ඉනිම තුල ඔහු දැක්වූ රංගන කුසලතාවය, ගායකයෙකුට දරාගත හැකි මට්ටමේ හැකියාවක් නොවේ.

එවැනි multi perspective නොහොත් බහුකාර්ය මිනිසුන් බිහි වන්නේ කලාතුරකිනි. ඔහුව අපේ කලාව උදේසා අනාගතයේදී රැකගත යුතු සම්පතක් වන්නේ ඒ නිසාය.

මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුවා රවීන් කනිෂ්ක බව මා අමුතුවෙන් කිවයුතු නැත්තා සේම, එය එසේ කීම අතිශෝක්තියක්ද නොවේ. පිදිය යුත්තන් පිදීමේම අනෙක් පැත්ත වන අගය කල යුත්තන් අගය කිරීම අප සංස්කෘතිකමය ලෙස පිළිගත්තද, ප්‍රායෝගික ක්‍රියාව තුල එය මග හැර යන අවස්ථා බොහෝ බව අකමැත්තෙන් හෝ විශ්වාස කල යුතුය.

විශ්වාස කල යුත්තේ මෙපමණකි. රවීන් ඔබ දිනක ජනප්‍රියම නළුවා ලෙස වාගේම හොඳම නළුවා ලෙස අභිශේක වනු දැකිම මගේ පමණක් පැතුම නොවේ. එය ශ්‍රි ලංකාවේ වයස් භේදකින් තොරව අප හැමගේම පැතුමය. එය දිනෙක එසේ සිදුවනු ඇති වග මට කැට තබා කිව හැකිය.

ඔබේ ස්වර්ණමය අනාගතයට හෘදයාංගම සුබ පැතුම් සහෝදරයා…
සමන් එදිරිමුණී.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button