පළකල දිනය : Sat, Sep 23rd, 2017

“ඒ දේ දැක්කම ගොඩක් දුක හිතුනා. ඒත් මං වෙනස් වෙන්නේ නෑ”

පසුගිය දිනවල වෙනදාටත් වඩා චාමර වීරසිංහ ගැන අසන්නට ලැබුනා.

හේතුව වුනේ ඔහු විසින් දැනට වසර කිහිපයකට පෙර ගායනා කල “දිලිසෙන්නට පටසිවුරක් ගීතය”යොදා ඇතමුන් වෙනත් අර්ථයක් හැඟවෙන පරිදි වීඩියෝවක් නිර්මාණය කිරීමයි.

මේ පිලිබඳව මීට පෙර අදහස් දැක්වූ චාමර කියා සිටියේ තමන් මෙම ගීතය නිර්මාණය කොට වසර 15 ක් ගතවී ඇති බවයි.
 
එමෙන්ම මෑතකදී කිසිවෙකු හෝ නිර්මාණය කල වීඩියෝවෙන් හැඟවෙන දෙය හා ගීතයේ අරුත අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් ඔහු එහිදී කියා සිටියා.

මෙම සිදුවීම පිලිබඳව තවමත් ඔහු කණගාටුවෙන් සිටින අතර මේ පිලිබඳව කරුණු නොදත් ඇතැම් ෆේස්බුක් පේජ් වලින් ඔහුට විවේචනද එල්ලවුනා.

සිය ෆේස්බුක් ගිණුමේද චාමර වීරසිංහ මේ පිළිබඳව සටහනක් තබා තිබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button