පළකල දිනය : Sat, Sep 23rd, 2017

රමන්ගෙයි ඉෂිතගෙයි ආදර රූහිගේ කවුරුත් නොදන්න රහස මෙන්න (Photos)

ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය අපිට නිතර දකින්න ලැබුණත් මේ හැම ටෙලි නාට්‍යයකටම වැඩ තවමත් ජනප්‍රියත්වය අතින් ඉහළින්ම තියෙන්නේ මේ ආදරයයි කිව්වොත් වරදක් නැහැ.

දවසින් දවස ඉෂිතා, රමන් ඉන්න පවුල මුහුණ දෙන කරදරවලත් ඉවරයක් නැහැ.

අද හිනාවෙලා හිටියොත් හෙට මුහුණ දෙන්නේ තවත් ප්‍රශ්නයකට. ඉතිං මෙහෙම ගෙවිලා යන බල්හා පවුලට අවුරුදු හතකට කලින් එයාලගේ පුංචි රූහිව නැති වෙනවා. ඒ නිදී රමන් එක්ක තිබුණු තරහක් නිසා.
 
එත් රූහිගේ චරිතය ආයෙත් රමන්ගෙයි ඉෂිතගෙයි ලෝකෙට ආවේ නම් කලින් රූහි විදියට නම් නවෙයි. ලස්සන තරුණියක් විදියට. මේ ලස්සන නිසාම රූහිගේ චරිතයට කාගේත් අවධානය දැන් යොමු වෙලා තියෙන්නේ.

රූහිගේ චරිතයට දැන් පණ පොවන්නේ ආදිතී බාතියා කියන වයස අවුරුදු 18 ක ලස්සන තරුණියක්. ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ඉපදුණු මේ ආදිතීගේ අම්මා ගිය අඩි පාරේ තමා යන්න හිතලවත් නැහැ. මොකද ආදිතීගේ අම්මා ගුරුවරියක්.

ආදිතීව අපි දක්කිනේ මේ මේ ආදරයයි තුළින් වුණත් ආදිතී මුලින්ම ක්‍ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ ගොඩක් පුංචි කාලේ. එත් සිනමාව තුළින් Vivah (200), The Train (2006), Shootout lokandahala (2017) සහ Chance pe Dance (2010) කියන චිත්‍රපටවල ආදිතී රඟපාලා තියෙනවා.

ආදිතී මේ ආදරයයි ටෙලි නාට්‍යයේ ඉන්න ආදී එහෙමත් නැත්තනම් අභිෂේක් වර්මාත් එක්ක ප්‍රේම සම්බදතාවක් තියෙනවා කියලා තමයි වෙබ් අඩවිවල නම් කියන්නේ. එත් ඉතිං ආදිතී මේ කියන කටකතාවලට උත්තරයක් විදියට කිව්වේ අභිෂේක් කියන්නේ ආදිතීට මුණගැහුණු හොඳම යාලුවෙක් කියලා තමයි.

කොහොම වුණත් ආදිතී බාතියා කියලා කියන්නේ ඉන්දීය ටෙලි නාට්‍යයවල විතරක් නෙවෙයි ඉන්දීය සිනමාවෙන් ලොකු දුරක් යන්න පුළුවන් කෙනෙක්. මෙහෙම ගිහින් දීපිකාලා ඉන්න බොලිවුඩය කළඹවන තරුවක් කරන්න එහෙ ඉන්න අධ්‍යක්ෂකවරු ඉදිරිපත් වුණත් පුදුමයක් නෙවෙයි.


 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button